ඒකාබද්ධයේ චෝදනාවන්ට බන්දුලගේ අසත්‍ය ප්‍රකාශ වලින්ම පිළිතුරක් ලැබුණා

March 10, 2017

විවාදයට තුඩු දී ඇති බැඳුම්කර සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම මගින් ඒකාබද්ධ විපක්ෂයේ පදනම් විරහිත චෝදනාවන්ට නිසි පිළිතුරු ලැබුණු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතාට අසත්‍ය ප්‍රකාශ නොකරන ලෙස ජනාධිපති කොමිසම ලබා දුන් අවවාදය ම ඊට ප්‍රමාණවත් බවයි. දේශපාලන වේදිකාවල සහ ආගමික ස්ථානවල ප්‍රකාශ කරන ඇතැම් කරුණු, නිත්‍යානුකූල විමර්ශන කමිටුවක් හමුවේ තහවුරු කිරීමට බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයාට නොහැකිවීමෙන් පෙනී යන්නේ ඔහු ජනතාව නොමග යැවීමට ක්‍රියාකර ඇති බවයි.

මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදු කරන ඒකාබද්ද විපක්ෂයේ ඇත්ත තත්ත්වය ජනතාවට පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් එම කොමිසමට ප්‍රණාමය හිමි විය යුතුයි. බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමක් පත් කර රජයේ විනිවිදභාවය රටට පෙන්වා දී ඇතැයි ද කී රවී කරුණානායක මහතා බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලබා දී ඇති අවවාද තුළින් පෙනී යන්නේ එම කොමිසම ස්වාධීනව ක්‍රියාකරමින් සිටින බව යැයි ද පවසයි

දණගැස්සූ ආර්ථිකයක් යළි යථා තත්ත්වයට පත් කරමින් සිටින මොහොතක එය ආපස්සට හැරවීම සඳහා ඇතැමුන් උත්සහ කරන බවත්, ජනතාවට වගකියන රජයක් ලෙස පටු අරමුණු සඳහා ඉඩ තැබීමට සුදානම් නොමැති බවත් රවී කරුණනායක මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

t

o

p