ජිනිවා කොමිසම දුන් වසර 2ක කාලය උපරිම ප්‍රයෝජනයට ගෙන චෝදනාවලින් නිදහස් වෙනවා

March 9, 2017

ජිනිවා මානව හිමිකම් කොමිසම දුන් වසර දෙකක කාලය ප්‍රයෝජනයට ගිනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව පවතින සියළු චෝදනා නිවැරදි කර පියවර ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
යහපාලන ජාතික රජය බලයට පත් වූ පසු 2015 ඉදිරිපත් කළ ප්‍රඥප්ති පරිච්ජේද අනුව ශ්‍රී ලංකාව සියළු ඉලක්ක සපුරා ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.
රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම, මාධ්‍ය නිදහස, ඝාතන හා අතුරුදහන් කිරිම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරිම, සුදු වෑන් සංස්කෘතිය නැති කිරිම ආදි ශිෂ්ඨ සමාජයට වැදගත් ක්‍රියාමාර්ග රැසක් ගැනිම නිසා වසර 2 ක කාලයක් මෙරටට ලැබි තිබේ.
ජිනිවා මානව හිමිකම් කොමිසම දුන් වසර 2 ක කාලයට පසු ශ්‍රී ලංකාවට එරෙහි සියලූ චෝදනා නිවැරදි කර ගැනිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ න මහත්වරුන් අධිටන් කර ඇතැයිද සභානායක කිරිඇල්ල මහතා කීවේය.

t

o

p