වසර 7ක් නොමැතිව තීබූ ජි.එස්.පි. ප්ලස් බදු සහනය මැයි සිට

March 9, 2017

ශ්‍රී ලංකාවට වසර 7 කට අධික කාලයක් තිස්සේ අහිමිව පැවැති ජි.එස්.පි. ප්ලස් බදු සහනය මැයි මාසයේ දී යළි හිමිවේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටවනු ලැබූ යහපාලන ජාතික රජයට ජාත්‍යන්තර වශයෙන් හිමිවන සුවිශේෂි ජයග්‍රහණයක් ලෙස මෙය හදුන්වා දිය හැකි බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කළේය.
මැයි මාසයේදි ජි.එස්.පි. ප්ලස් බදු සහනය ලබා ගැනිමට අවශ්‍ය සාකච්ඡා බල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් සිටින ක්‍රමෝපාය සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් පවත්වා තිබේ.
අමාත්‍යවරයා පැවැත් වූ සාකච්ඡා අනුව මැයි මාසයේදි යළි ජි.එස්.පි. ප්ලස් බදු සහනය යලි ශ්‍රී ලංකාවට දෙන බව යුරෝපා සංගමය නිල වශයෙන් දැනුම් දී ඇත.
ජි.එස්.පි ප්ලස් බදු සහනය හිමි වීමෙන් පසු මිලියන 30 ක පමණ වෙළෙද පොලක් ශ්‍රී ලංකාව වෙත හිමි විමිට නියමිතය.

t

o

p