හයිබ්‍රිඩ් අධිකරණ ලංකාවේ පිහිටුවන්නේ නෑ

March 9, 2017

ශ්‍රී ලංකාවේ සිදුවුනු බව කියන යුධ අපරාධ විභාග කිරිමට හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිමේ යෝජනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරිමට රජය තීරණය කර තිබේ.
රජය මේ තිරණය ගෙන ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් කළ සාකච්ඡාවකට අනුවය.
යුද අපරාධ විභාග කිරිමට හයිබ්‍ර්ඩ් අධිකරණයක් පිහිටුවිම ප්‍රයෝගික නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිමට නොහැකි බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනා ලදි.
එම නිසා හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිමේ යෝජනාව මුළුමණින්ම ප්‍රතික්ෂේප කිරිමට රජය තිරණය කර තිබේ.
ඒකීය රාජ්‍යයක් තුළ බලය බෙදීමට සුදානම් වන අවස්ථාවක හයිබ්‍රිඩ් අධිකරණ පිහිටුවිමට ඉඩක් නොමැති බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

t

o

p