විපක්ෂයට හා මාධ්‍යයට හිටපු මහ බැංකු අධිපතිගෙන් කනේ පහරක්

February 8, 2017

රටට බිලියන ගණනින් පාඩුවන අයුරින් ගත් එවැනි කි‍්‍රයාමාර්ගවලට වගකිව යුතු පුද්ගලයෝ අදටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලතල හොබවමින් ඔවුන්ගේ වැරදි වසා ගැනිමට අනෙක් අයට බොරු චෝදනා කරනා බව හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ප්‍රකාශ කරයි.

ඇතැම් පුවත් පත්වල පළවු ඔහුට එරෙහි පුවත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අර්ජුන මහේන්ද්‍රන් මහතා මෙසේද පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අභ්‍යන්තර විගණන වාර්තාවක් කැඳවූ බවට පළවූ පුවත් කිසිදු සත්‍යතාවකින් තොර වන අතර එවැන්නක් සම්බන්ධයෙන් මෙතෙක් මගෙන් අදහස් විමසීමක් ද කර නැත. එවැනි විගණන වාර්තා චෝදනා ලැබ සිටින පාර්ශවලින් කරුණු විමසීමකින් තොරව අවසන් කළ නොහැක. ඕනෑම ආණ්ඩුවක හෝ පුද්ගලික ආයතනයක සම්මත ක‍්‍රමවේදය වන්නේ ද එයයි. එම නිසා මේ පුවත් පදනම් විරහිතය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාට සමීප ඔහුගේ නික්ම යෑමෙන් කනස්සල්ලට පත් පිරිසක් වත්මන් ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට නැංවීමට බාධා කරමින් සිටින බව මුදල් අමාත්‍යවරයා ඉකුත් දිනෙක ප‍්‍රකාශ කළේය. මෙම පුවත එවැනි කි‍්‍රයාවලට උදාහරණයකි. මෙවැනි අවස්ථාව කිහිපයක් අපට පසුගිය වසර දෙකක කාලයේදී දක්නට ලැබිණි. ශ්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රසිද්ධියට පත් නොකළ වාර්තා මාධ්‍ය වෙතත් සමාජ මාධ්‍ය වෙතත් ලැබී තිබූ අවස්ථා අපට දැක ගන්නට ලැබිණි. එමඟින් වත්මන් ආණ්ඩුවේ අපහසුතාවට පත් කිරීම එම පාර්ශවවල අරමුණ විය.
හිටපු මහ බැංකු අධිපතිවරයාටත් පැවැති ආණ්ඩුවටත් හිතවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙම අමනාපයෙන් පසුවන සේවක පිරිස ඔවුන් කරන ලද වැරදි කි‍්‍රයාකාරකම් සඟවිමන් ඔවුන් වෙත තිබෙන අවධානය වෙනතක යොමු කිරීමට උත්සාහ කරමින් සිටිති. දළ දේශීය නිෂ්පාදිතයේ දත්ත සකස් කිරීම් හා වෙනස් කිරීම්, ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රචාරණ කටයුතු වෙනුවෙන් අති විශාල මුදල් ස්කන්ධයක් වැය කළ අතර රුපියල් බිලියන 6ක රාජ්‍ය මුදලක් බාරදීම සම්බන්ධයෙන් වගකීම බාර ගත යුත්තේ එම සේවක පිරිසය. එම කටයුත්ත හේතුවෙන් අද වනවිට බංකොළොත් තත්ත්වයට පත්ව ඇති ප‍්‍රාථමික ගනුදෙනුකරුවන් සහ තවත් අර්බුද රැසකට වගකිව යුත්තේ ද කිසිදු ප‍්‍රතිපත්තියක් නැති මෙම සේවක පිරිසය. ඔවුහු මේ වනවිට තමන් කළ වැරදි සඟවා ගැනීමේ උත්සහායක නිරත ව සිටිති.
සියලූ උත්සව හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ගජ මිතුරන් පමණක් බුක්ති විඳි අති විශාල මුදල් කන්දරාවක් වියදම් කළ විදෙස් සංචාර නවතා දැමීමට මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී මම කටයුතු කළෙමි. මගේ ඉවත්වීම වෙනුවෙන් මොවුන් කටයුතු කරන ලද්දේ එහෙයිනි. ඒ සඳහා සහාය වූයේ එබැවිනි. අද වනවිට ඔවුහු එදා කරන ලද වැරදි සඟවා ගැනීමට සමත්ව සිටිති. ඉහළ මිල ගණන්වලට රත්තරං මිලදී ගැනීම, ඉහළ අවදානමක් සහිත ගී‍්‍රක බැඳුම්කර මිලදී ගැනීම, ඛනිජ තෙල් ආනයන සඳහා ඉතා ඉහළ අවදානමකින් යුතු හෙජින් උපායමාර්ගය භාවිත කරන්නැයි ආණ්ඩුවට උපදෙස් දීමත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇපකාරීත්වය සහ අනුමැතිය සහිතව අති විශාල ලෙස විදෙස් ණය ගැනීමත් එමඟින් ශ්‍රී ලංකා මහ බැංකුවට එකදිගට වසර තුනක් පාඩු සිදුවිය. මේ අදාළ සේවක පිරිස සඟවා ගැනීමට උත්සහ කරන වැරදිය.
රටට බිලියන ගණනින් පාඩුවන අයුරින් ගත් එවැනි කි‍්‍රයාමාර්ගවලට වගකිව යුතු පුද්ගලයෝ අදටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ නිලතල හොබවති.
මගේ කටයුතු හේතුවෙන් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ නීති සහ කි‍්‍රයාපටිපාටි යම් විපර්යාසයකට ලක්ව ඇත්නම් ඒ සඳහා කඩිනම් ප‍්‍රතිකර්ම කිරීම ප‍්‍රමාණවත් කාලයක් තිබේ. ජනාධිපතිවරයා එවැනි කටයුතු විමර්ශනය සඳහා සඳහා පුළුල් බලතල සහිත කොමිසමක් පත් කර ඇත. එවැනි අවස්ථාවකදී කටකතා පතුරුවන්නන්ගේ යටතට පත්වීම කිසිසේත් සුදුසු නොවේ. එසේම ඔවුන්ගේ වුවමනාව වී ඇත්තේ මටත් මගේ ප‍්‍රධානීන් ලෙස කටයුතු කළ අගමැතිවරයාටත් මුදල් ඇමැතිවරයාටත් චෝදනා කරමින් මගේ කි‍්‍රයාකලාප විවේචනය කරමින් ජනාධිපති විමර්ශන කොමිසමේ ප‍්‍රතිඵල එන්නටත් පෙර විනිශ්චය කිරීමය. එම කොමිසමේ අවසන් නිගමන පැමිණෙන්නටත් පෙර විචාරය කිරීමය.
එසේම මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී මා විසින් කරන ලද සියලූ වියදම් අදාළ කි‍්‍රයාපටිපාටිවලට අනුකූලව කළ බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් අදාළ ගනුදෙනු සහ වියදම් සියල්ල විගණනය කළ බවත් මම සඳහන් කරනු කැමැත්තෙමි.

t

o

p