මුහුදු රළෙන් විදුලිය ළඟදීම

February 8, 2017

ශ්‍රි ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රෙය් නව පිටුවක් පෙරළමින් උදම් රළ (මුහුදු රළ) උපයෝගී කර ගනිමින් ජල විදුලි බලය නිපදවීම සම්බන්ධව පුර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව ශ්‍රි ලංකාවේ පින්ලන්ත තානාපති රව්ලි සුයික්කානෙන මහතා ප්‍රකාශ කර සිටී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අමාත්‍යතුමා සමඟ අමාත්‍යාංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

“අප රට වටේම මුහුද තිබෙනවා. ඒ නිසා කිසිදු බාධාවකින් තොරව මුහුදු රළ ආශ්‍ර‍යෙන් විදුලිය ජනනය කළහැකිය. ඒ වගේම ඒ ජනනය කළහැකි විදුලිය පිළිබදව කළින් පුරෝකථනය කළහැකිය. ඒ නිසා නවීන තාක්ෂණය ඔස්සේ අවම වියදමකිත් මේ ව්‍යාපෘතිය දියත් කළහැකිය. එවිට නියං කාලවලදී ඇතිවන අර්බුද වලට කිසිදු ගැටලුවකින් තොරව අපට මුහුණ දීමට අවකාශ තිබෙනවායැ”යි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති කීර්ති වික්‍රමරත්න මහතා ඇතුලු පිරිස සහභාගී විය.

t

o

p