තරංගගේ ශතකයත් අපතේ යයි දකුණු අප්‍රිකාවට 4-0ක ජයක්

February 8, 2017

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කේප්ටවුන්හි නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති සිව්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 40ක ජයක් ලබා ගැනිමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව තරඟාවලිය 4-0 ක් ලෙස ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
තරඟයේ කාසිය වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50දී කඩුලු 5ට ලකුණු 367ක් රැස් කළේය.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ඩුප්ලෙසිස් පන්දු 141කදී හතරේ පහර 16ක් සහ හයේ පහර 3ක් සහිතව ලකුණු 185ක් වාර්තා කිරීමට සමත් විය.
මෙය දකුණු අප්‍රිකානු පිතිකරුවෙකු එක්දින තරගයකදී ලබාගත් වැඩිම දෙවැනි ලකුණු සංඛ්‍යාව වන අතර, ගැරී කර්ස්ටන් ලකුණු 188ක් ලබා තබා තිබූ වාර්තාව බිඳ හෙළීමට ඩුප්ලෙසිස්ට නොහැකි විය.
මෙම වසරේදී එක්දින තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ඩේවිඩ් වෝනර් (172) තබා තිබූ වාර්තාවද බිඳ දැමීමට ඩුප්ලෙසිස් මෙම ඉනිමේදී සමත් විය.
දකුණු අප්‍රිකාව රැස් කළ ලකුණු 367 නිව්ලන්ඩ්ස් ක්‍රීඩාංගණයේ එක්දින තරගයකදී වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා ‍පොතට එක්විය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ශ්‍රි ලංකා කණ්ඩයමට සියළු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 327ක් පමණි. සාර්ථක ආරම්භයක් ලබා දුන් නායක උපුල් තරංග පන්දු 90කදි හයේ පහර 7ක් හා හතරේ පහර 11 ක් සමඟ ලකුණු 119ක් රැස් කිරීමට සමත් විය.

t

o

p