සයිටම් සඳහා හිටපු ජනපති මහින්දගේ ආශිර්වාදයත් ලැබුණා

February 8, 2017

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඇති කළේ සල්ලි හම්බ කිරීමේ අරමුණින් නොවන බවත් තමාට සල්ලි හම්බ කිරීමට අවශ්‍යතාව තිබුණේ නම් කැසිනෝ සූදු‍පොළක් ආරම්භ කිරීමට බොහෝ ඉඩ කඩ තිබුණ බවත් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන දැනට ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳව කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවේදීය.
අපගේ දරුවන් විශාල වශයෙන් විදේශ රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඇදී ගිය අතර රටේ ධනය පිට රටවලට ගලාගෙන ගිය බැවින් එම ධනය මෙරට රඳවා තබා ගැනීමේ අදහසින් මාලඹේ වෛද්‍ය විද්‍යාලය ඇති කිරීමට කටයුතු කළ බව ප්‍රනාන්දු මහතා මෙහිදී සඳහන් කළේය.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය පවා එදා ලැබුණ නමුත් මේ වන විට එය අනෙක් අතට හැරවී ඇත්තේ දේශපාලනඥයින් අවස්ථාවාදීන් බවත් පැහැදිලි කරමින් යැයි මාධ්‍යවේදියෙකු නැගූ පැනයට  පිළිතුරු දෙමින් සභාපතිවරයා පැවැසීය.
කෙසේ නමුත් වත්මන් රජය කුමන අයුරකින්වත් පෙරළා දැමිය නොහැකි බවද සභාපතිවරයා මාධ්‍ය හමුවේදී ස්ථීරවම ප්‍රකාශ කළේය.

t

o

p