මහින්ද රාජපක්‍ෂ අලුත් පක්‍ෂයේ නායකත්වයට බලෙන් හෝ ගන්නවා

November 18, 2016

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ‘බලෙන් හෝ’ පත් කරගන්නා බව බැසිල් රාජපක්‍ෂ පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂය විසින් කැඳවනු ලැබූ ප්‍රථම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

අපේ පරමාදර්ශය එතුමා, අපේ දර්ශනය එතුමා. මහින්ද රාජපක්‍ෂ තමයි අපේ හදවතේ නායකයා. එතුමාව ඉතිං අපි පිලිගන්නවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙසට නව පක්ෂය හැඳින්විය හැකි බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ නව පක්ෂයට සම්බන්ධ කරගන්නා බවත් බැසිල් රාජපක්ෂ එහිදී කියා සිටියා.

t

o

p