දිවයිනට තද වැසි සහ සුළං

November 18, 2016

දිවයිනට ගිනිකොණ දෙසින්  බෙංගාල බොක්ක ප්‍රදේශයේ කැළඹිලි තත්ත්වයක් ඇති වී ඇති අතර එහි බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වයේ වර්ධනයක් ඉදිරි දින කිහිපයේදී, විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම , බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල අ‍පේක්ෂා  කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම, දිවයිනේ සමහරක් ස්ථානවල (විශේෂයෙන් දකුණු, සබරගමුව, මධ්‍යම, බස්නාහිර, නැගෙනහිර සහ ඌව පළාත්වල) සමහර ප්‍රදේශවල තද වැසි (මි.මී.100 ට වැඩි) බලාපොරොත්තු විය හැකි බවද පවසා සිටියි.

දිවයිනට දකුණු දෙසින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන්, මඩකලපුව සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවීමට සහ ක්ෂණිකව සුළං වේගය (පැ.කි.මී. 70-80 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එවිට එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වීමට වැඩි හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.

t

o

p