අය වැයෙන් ජාතික ආර්ථිකයකට අඩිතාලම දැම්මා – අගමැති

November 14, 2016

ආණ්ඩු මාරුවෙද්දි ප්‍රතිපත්ති වෙනස් නොවන ජාතික ආර්තික ප්‍රතිපත්තියකට අඩිතාලම රටේ ප්‍රධාන පක්ෂ දෙකම එකතු වි සකස් කළ මෙවර අය වැයෙන් දැමුණු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි 12  ප්‍රකාශ කළේය.
යහපාලන ජාතික ආණ්ඩුවේ අය වැය සාමාන්‍ය පවුල ශක්තිමත් කරන අය වැයක් මෙන්ම එදිනෙදා ජිවන සටන ජයගත හැකි අය වැයක් යැයිද ඒ මහතා කීවේය. තනි පුද්ගලයෙකු හදන අය වැයක් වෙනුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන මැති ඇමතිවරු කිහිප දෙනෙකු එක්ව මේ අය වැය සකස් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
අය වැය දෙවන වර කියවිමේ විවාදයේ දෙවන දින විවාදය ආරම්භ කරමින් අගමැතිවරයා මේ බව කිවේය.
ප්‍රධාන පක්ෂ දෙකෙන් නොනැවති ඉක්මණින් පාර්ලිමේන්තු අය වැය කමිටුවක් ස්ථාපිත කොට විපක්ෂයේ අදහස් හා විශේෂඥ අදහස් ලබා ගැනිමේ ක්‍රමවේදයක් ස්ථාපිත කරනා බවද ඒ මහතා ප්‍රකාශ කළේය. පැවැති රජය රටේ ණය බර තුන් ගුණයකින් වැඩි කරද්දි යහපාලන රජය වසර එකහමාරක් තුළ රටේ ආදායම වැඩි කළ බවද කීවේය.
2005 දි රුපියල් බිලියන 2222 ක්ව තිබු ණය බර 2014 වන විට රුපියල් බිලියන 7391 ක් වූ බවත් 2014 වසර වන විට රුපියල් බිලියන 1050 ක් ව තිබු රජයේ ආදායම රුපියල් බිලියන 1432 දක්වා වැඩි කිරිමට වත්මන් රජයට හැකි වූ බවත් ප්‍රකාශ කළ අගමැතිවරයා රජයේ ඉලක්කය 2017 හා 2020 වන විට රජයේ ආදායම රුපියල් බිලියන 1800 දක්වා වැඩි කර ගැනිම යැයි ද කිවේය.
රැකියා උත්පාදනය මෙන්ම ආර්ථික වර්ධන වේගය සියයට හත දක්වා පවත්වාගෙන යමින් 2025 දි ඒක පුද්ගල ආදායම දෙගුණ කිරිම වත්මන් රජයේ අරමුණ බවද අගමැතිවරයා සඳහන් කළේය.

t

o

p