ජනාධිපති කාර්යාලයට අපි යන්නෙත් එන්න කිව්වොත් විතරයි

November 14, 2016

ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ අධිආරක්ෂිත කළාපයක්. ආරාධනා ලැබුනොත් තමයි මමත් එහි යන්නේ. කවදාවත් කඩාගෙන බිදගෙන යන්නේ නැහැ. යන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය කඩ කළොත් එහි නිලධාරින්ට කටයුතු කිරිමට සිත් දෙනවා යැයි නිතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි 12  ප්‍රකාශ කළේය.
ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ ආබාධිත රණවිරුවන්ට ප්‍රහාර එල්ල කිරිමේ සිද්ධිය පිළිබඳ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේද කීය.
කොටුව දුම්රියපොල අසල උද්ඝෝෂණය කළ ආබාධික රණවිරුවන්ගෙන් පස් දෙනෙකුට ජනාධිපති ලේකම් කාර්යාලය තුළට ආරාධනා කර තිබුණා. ඒ සාකච්ඡාවට සහභාගී විය යුතුව සිටි විශ්‍රාමික හමුදා නිලධාරියෙක් නුගේගොඩ සිට මේ සාකච්ඡාවට සහභාගී කරවීමට පොලිසිය උදව් කළා.
ඒ සාකච්ඡාව සාර්ථක බව එහි සිටි කෝප්‍රල් වසන්ත නැමැත්තා පිටත රැඳී සිටි උද්ඝෝෂකයන්ට දැනුම් දුන්නා. ඒ පණිවිඩය දුරකතනයෙන් ලබාගත් අය එහි සිටි ස්වාමින්වහන්සේලාට ඒ බව දැනුම් දී තිබෙනවා. ඒ අනුව ප්‍රශ්නය විසදුනා. විසදුණු පසුව තමයි කළහකාරි තත්ත්වය ඇති වුනේ.
එහිදි පොලිසිය කටයුතු කළ ආකාරය ගැන පරික්ෂණයක් පැවැත්විමට අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, හමුදා නිලධාරියෙක් සහ අමාත්‍යාංශ නිලධාරියෙකු ඇතුළත් ත්‍රි පුද්ගල කමිටුවක් මේ ගැන සොයා බලන්න පත් කළා.
ඒ කමිටුවේ වාර්තාව ලැබුණු විගස ඒ ගැන කතා කිරිමට බලාපොරොත්තු වෙනවා. මේ අවස්ථාවේ විනය කඩකිරිමක් සිදුවුණාද කියා පොලිස්පතිවරයා විසින් අභ්‍යන්තර පරික්ෂණයකුත් සිදු කරනවා. පරික්ෂණ වාර්තා අනුව වැරදි කළ අය සම්බන්ධව කටයුතු කරනවා.
රටේ සාමාන්‍ය නිතිය කාටත් පොදුයි. එ නිතියට අප හැම ගරු කළ යුතුයි. දේශපාලන වාසිවලට හරවා රටේ ජනතාවට දුක් දෙන්න බැහැ. මේ ප්‍රශ්නය විසදුනාට පසුවයි බාහිර පුද්ගලයන් මේ තත්ත්වය ඇති කළේ. විශ්‍රාමික හමුදා නිලධාරින්ට වූකරදරය ගැන කණගාටුයි. එහිදි පොලිසිය අවම බලය පාවිච්චි කරනවා දැක්කා. කදුළු ගෑස් පත්තු කළේ තුවක්කුවලින් නොවෙයි. ඒවා හිමිහිට පහළට තල්ලූ කළේ.
ජනාධිපති ලේකම් කාර්යාලය කියන්නේ අධිආරක්ෂිත කළාපයක්. ආරාධනා ලැබුනොත් තමයි මමත් එහි යන්නේ. කවදාවත් කඩාගෙන බිදගෙන යන්නේ නැහැ. යන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය කඩ කළොත් එහි නිලධාරින්ට කටයුතු කිරිමට සිත් දෙනවා.
ජනාධිපතිතුමා එහි සිටි වෙලාවක එතුමා ආරාධනා කළානම් ඒ අවස්ථාව වෙනස් වෙන්න තිබුණා. එදා එතුමා හිටියේ නැහැ. අපිට තිබුණේ ඒ අධිආරක්ෂිත කළාපය ආරක්ෂා කරන්නයි.
දිනේෂ් ගුණවර්ධන මහතා –
ඇමතිතුමා කිව්වා කළහකාරි තත්ත්වයක් ඇති කළා කියලා. ඒ වචනය සාධාරණ නැහැ. කළබලයක් නොකලා නම් කලබලයක් වන්නේ නැහැ. මෙහිදි ජලප්‍රහාර භාවිතා වුනා. රබර් උණ්ඩ පාවිච්චි කළා. කදුළු ගෑස් නිකම්ම පාවිච්චි වෙන්නේ නැහැ. එය කිසියම් නිලධාරියෙක් අනුමත කර ලබා ගත් දේවල් විය යුතුයි. වරදක් කර ඇතිනම් වරද කළ අයට දඩුවම් දිය යුතුයි.
නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා –
පරික්ෂණයක් සිදුවෙනවා නම් ඒ වාර්තාව සභාවට ලබා දෙන්න.
ඇමති සාගල රත්නායක –
මෙතැන කිසියම් දෙයක් ගිනි තියල කළේ නැතිනම් මන්ත්‍රීතුමා සතුටු වෙන්නේ නැහැ. ඒක අදත් මෙතනදි කලා. එදා ප්‍රශ්නය විසදුනාට පස්සේ බාහිරින් ආපු පුද්ගලයන් සහ ස්වාමින්වහන්සේලා ප්‍රශ්න ඇති කළා.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා –
සාමාන්‍යයෙන් ජනාධිපති, අගමැති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරනවා නම් ජල ප්‍රහාර බවුසර් ගෙනත් තියෙනවා. අපි ඒ කාලේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවෙන්න අරලියගහ මන්දිරයට ගියාම ඒ ස්ථානයට මේවා ගෙනවිත් තිබෙන අයුරු දුටුවා. සරත් ෆොන්සේකා නිදහස් කරන දවසේ ජල ප්‍රහාරක බවුසර් විතරක් නොවෙයි තව මොනවද ගෙනත් නොතිබුණේ කියා මා දන්නේ නැහැ.

t

o

p