වාජිකරණ ඖෂධ තහනම් කළද ආයුර්වේද නාමයෙන් එන බව ඖෂධ අධිකාරිය කියයි

November 14, 2016

ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රතික්ෂේප කරන වාජිකරණ නාමයෙන් හදුන්වන ඔෟෂධ හෝ නිෂ්පාදන, ආයුර්වේද නිෂ්පාදන ලෙස ලියාපදිංචි කොට එළි දැක්විම සම්බන්ධයෙන් කටයුතු කිරිමට නෛතික බලයක් මෙම අධිකාරියට නැති බව සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදි  12 දා ප්‍රකාශ කළේය.
වාජිකරණ ගුණ ඇති බවට දක්වා අධිකාරියේ ලියාපදිංචි කිරිමට ඉල්ලූම් කරනු ලැබු ඇතැම් නිෂ්පාදන, ලියාපදිංචි කිරිම ප්‍රතික්ෂේප කිරිමෙන් අනතුරුව ආයුර්වේද ඔෟෂධ ලෙස ලියාපදිංචි කොට වෙළෙද පොලට නිකුත් කළ අවස්ථා නිරික්ෂණය වි ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා ඇසු වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නවලට දුන් පිළිතුරක මේ බව සඳහන්වේ.
වාජිකරණ ගුණ ඇති හෝ වාජිකරණ ගුණ ඇතැයි එළඹගත් විශ්වාසය ඇතිව බොහෝ ඔෟෂධ හා නිෂ්පාදන වෙළෙද පොලේ විකුණනු ලබන බවට හා සංසරණය වන බවට තොරතුරු ලැබි ඇති බවද ඒ මහතා කීවේය.

ජාතික ඔෟෂධ නියාමන පනත යටතේ ලියාපදිංචි කොට ඇති ඔෟෂධ විකිණිය හැක්කේ ලියාපදිංචි වෛද්‍යවරයකුගේ වෛද්‍ය වට්ටෝරුවක් මත පමණක් බවත් එවැනි වට්ටෝරු නොමැතිව වාජිකරණ ඔෟෂධ  විකුණු හා බලපත්‍ර නොමැතිව එම ඔෟෂධ ගබඩා කර තිබු අවස්ථා 23 ක වැටලිම් කොට සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කොට ඇති බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් ඔෟෂධ ශාලා හිමියන්, ඔෟෂධවේදින් හා සහායකයින්  නිරන්තර දැනුවත් කිරිමට කටයුතු යොදා ඇතැයිද ඇමතිවරයා කීවේය.
ශ්‍රී ලංකාව තුළ වැඩිවන කාම අපරාධ සඳහා ඔෟෂධ වර්ග ද හේතුවන්නේදැයි මන්ත්‍රිවරයා නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කිවේ එවැන්නක් සම්බන්ධයෙන් තවමත් විද්‍යාත්මක වශයෙන් අධ්‍යයනය කිරිමකින් හෙළිදරව්වි නොමැති බවය.

t

o

p