පොලිස් නිලධාරින්ට හා පොලිස් සහායක සේවා සඳහා විශේෂ සේවා කාර්ය පටිපාටියක්

October 30, 2016

පොලිස් කොස්තාපල්, කොස්තාපල් රියදුරු සහ පොලිස් සහායක යන සේවා සඳහා විශේෂ සේවා කාර්ය පටිපාටිය් සකස් කරනා බව නාතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.
පොලිස් ආරක්ෂක සහායක නිලධාරින් පොලිස් නිලධාරින් නොවන බැවින් පොලිස් නිලධාරින්ට හිමි දිමනා ඔවුනට නොලැබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.
කෙසේවුවද ඉදිරියේදි සකස් කරනු ලබන විශේෂ කාර්ය පටිපාටියට මෙම නිලධාරින්ගෙන් බොහෝමයක් පොලිස් සේවයට ඇතුළත් කර ගැනිමට හැකි වනු ඇති බවට විශ්වාස කරන්නේ යැයිද ඇමතිවරයා වැඩිදුරටත් කිවේය.

t

o

p