පොලීසියේ වැඩි කරනා ලද දීමනා සහිත වැටුප පොලිස් ආරක්ෂක සහායකයින්ටත් ලබාදෙන්න

October 30, 2016

පොලීසියේ සෙසු නිලධාරීන්ට වැඩි කරනා ලද දීමනා සහිත වැටුප් පොලිස් ආරක්ෂක සහායක නිලධාරින්ට ලබාදීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ස්ථාවර නියෝග 23/2 යටතේ ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
පොලිස් ආරක්ෂක සහයක නිලධාරින්ගේ වැටුප් හා සේවා තත්ත්වයන් සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටලූකාරි තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.
පොලිස් සේවයට අනුයුක්ත රාජකාරි කරනු ලබන පොලිස් ආරක්ෂක සහායක නිලධාරින්ට මූලික වැටුපට අමතරව පොලිස් සේවයේ නියුක්ත සෙසු නිලධාරින්ට ලබා දෙන කිසිදු දීමනාවක් නොලැබීම හේතුවෙන් ඔවුන් දැඩි අසාධාරණයකට ලක් වී තිබෙනවා.
පසුගිය අය වැය මගින් පොලීසියේ සෙසු නිලධාරින් හට 40% ක වැටුප් වැඩි කිරිම් තීරණ කර තිබුණා. ඒ අනුව මේ වසරේ ජනවාරි මස සිට 17% ක දිමනාවක් ගෙවනු ලැබූ අතර ඉතිරි 23% ලබන ජනවාරි මස සිට වැඩි කිරිමට නියමිතව තිබෙනවා. එහෙත් පොලිස් ආරක්ෂක සහායක සේවයට අයත් නිලධාරින් 1477 දෙනාට ඉහත දිමනා හිමිවන්නේ නැහැ.
මෙම නිලධාරින් 1998 දී මෙම සේවයට බඳවා ගන්නා අතර පොලීසියේ වැදගත් රාජකාරි රැසක් ඔවුන් විසින් ඉටු කරනු ලබනවා. කෙසේ වුවද පසුගිය වසර 18 පුරාවටම මෙම නිලධාරින් හට රාජ්‍ය සේවයේ සෙසු නිලධාරින්ට ලැබෙන කිසිදු දිමනාවක් ලබා දී නැහැ. මෙම සේවයේ නියුතු නිලධාරින් පොලිස් කොස්තාපල් තනතුරට අන්තර් ග්‍රහණය කරන ලෙසට ද ඔවුන් ඉල්ලා සිටි අතර මේ දක්වා එයද ඉටු වී නැහැ.
මේ තත්ත්වය තුළ පැන නගින පහත ගැටලූවලට පිළිතුරු අදාළ අමාත්‍යවරයා විසින් සභාව හමුවේ තබනු අතැයි අපේක්ෂා කරනවා.
පොලිසියේ සෙසු නිලධාරින්ට වැඩි කරන ලද දිමනා සහිත වැටුප් පොලිස් ආරක්ෂක සහායක නිලධාරින්ට ලබා දීමට පියවර ගන්නේද ?
එම නිලධාරින් පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කිරිමට ඇති බාධාව කුමක්ද?
ඔවුන්ගේ දුක්ගැනවිලි විස¼දිමට ගනු ලබන පියවර කවරේද?

t

o

p