මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව 28 දා

October 30, 2016

මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව කෝප් කමිටු වාර්තාව 28 දා (අද) සභාවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබියදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ලංකාවෙන් පිටව ගොස් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (27) ප්‍රකාශ කළේය.
කොප් වාර්තාව ඉදිරිපත් කිරිමට නියමිතව සිටියදී කටුනායක ගුවන් තොටුපොලෙන් ඔහු ඊයේ සවස පිටත්ව ගොස් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය. ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කිරිමට නියමිතව ඇති මොහොතක මෙවැන්නක් සිද්ධ වෙන්නේ මන්දැයි සැකයක් මතු වන බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ද්විත්ව පුරවැසිභාවයට හිමිකම් කියන ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කිරිමට රටෙ නිති ප්‍රමාණවත් නොවන බවද මන්ත්‍රීවරයා කීවේය.
ධිවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග පිළිබඳ විවාදයට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

t

o

p