අඟුණුකොළපැලැස්සේ ආරවුලකින් 2ක් මරුට

October 10, 2016

අගුණකොළපැලැස්ස, බරවකුඹුක ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී එකම පවුලේ පියා සහ බාල පුත්‍රයා ඝාතනය කර මවට සහ වැඩිමහල් පුත්‍රයාට බරපතල තුවාල සිදුකර තිබේ.

ඊයේ (09) රාත්‍රියේ නිවසකට කඩා වැදුණු පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙලෙස ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 60ක් වන පුද්ගලයෙකු සහ වයස අවුරුදු  26 ක් වන තරුණයෙකි.

බරපතළ තුවාල ලැබූ 52 හැවිරිදි මව සහ 28 හැවිරිදි පුතෙකු තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

පෞද්ගලික ආරවුලක් මෙම පහරදීමට හේතුවී ඇති අතර, මේ වනවිටත් ඔවුන් හඳුනාගෙන ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p