අධිකරණයට අපහාස කළේ නැතැයි උදය පොලීසියට කියලා

August 16, 2016

තරුණයෙක් පැහැර ගැනීමකට සැකපිට අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය ඇප මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස වන ආකාරයේ ප‍්‍රකාශයක් කිරිම සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත කෙසෙල්වත්ත පොලිසිය අද (16) පාර්ලිමේන්තු මන්ත‍්‍රි උයද ගම්මන්පිල මහතාගෙන් ප‍්‍රශ්ණ කරනු ලැබීය.
අලූත් කඩේ අධිකරණයේ නීනීඥ මහතෙක් විසින් කරනු ලැබූ පැමිණීල්ලකට අනුව පරීක්‍ෂණයක් පවත්වා පොලිසිය එ් සම්බන්ධයෙන් වූ ගොනුවක් පසුගිය දිනවල නීතිපතිවරයාට ඉදිරිපත්කර තිබිණි. එ් අනුව නීතිපතිවරයාගේ උපදෙසින් උදය ගම්මන්පිල මන්ත‍්‍රිවරයාගෙන් ප‍්‍රශ්ණ කෙරුණු බව පොලිසිය කියයි.
අදාල ප‍්‍රකාශය සම්බන්ධයෙන් ඇති වීඩියෝ පටය උදය ගම්මන්පිල මහතාට ප‍්‍රදර්ශනය කරමින් ඇසිය යුතු ප‍්‍රශ්ණ කිහිපයක් නීතිපතිවරයා පොලිසියට ඉදිරිපත් කර තිබිණි. උදය ගම්මන්පිල මන්ත‍්‍රිවරයාගෙන් ප‍්‍රශ්ණ කරනු ලැබුවේ එ් සම්බන්ධයෙන් බව පොලිසිය කියයි. එහිදී ඔහු ලබාදුන් පිළීතුරු නැවත නීතිපතිවරයා වෙත යොමුකරන බව පොලිසිය සඳහන් කරයි.
අධිකරණයට අපහාස කිරීමට තමාට උවමනාවක් නොතිබුණූ බවත් එම වරදට ඇප දීමට හැකියාව ඇතිබව තමාද පිළිගන්නා බවත් එම ප‍්‍රශ්ණ කිරීමේදී උදය ගම්මන්පිල මහතා පැවැසූ බව ද පොලිසිය කියයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p