පාද යාත්‍රා එකක් නොව දහයක් ගියත් මහින්දට යළි රජ විය නොහැක

August 16, 2016

දේහලක්ෂණ විද්‍යා ආචාර්ය සමන් ජයතිලක හෙළි කරයි.
දේහලක්ෂණ විද්‍යාව අනුව කෙනෙක් ගැන විග්‍රහ කරද්දි මට දේශපාලන පක්ෂයක් හෝ පාටක් බලපාන්නේ නැහැ. මගේ දේශපාලන මතය කුමක්වුවත් මට යම් පුද්ගලයෙකුගේ දේහලක්ෂණය අනුව ඔහු ගැන විග්‍රහ කළ හැකිය. මෙතනදි මම කතා කරන්නේ ස්වාධින පුද්ගලයෙකු ලෙසයි.
මම මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2002 ජුලි 24 දා ගෙදරට ගිහිල්ලම කිව්වා ජනාධිපති පුටුවේ ඉඳ ගන්නවා කියලා. මම එතුමා මුණ ගැහෙන්න ගියේ ශෂින්ද්‍ර රාජපක්ෂ මැතිතුමා සමඟයි. එතුමා සිනා සෙද්දි ඇස් දෙකොනේ සූර්්‍ය ලක්ෂණය විදහා දැක්වෙනවා.
ඒ වගේම අතේ තිබුණා රාජයෝග ලක්ෂණ ගණනාවක්. අනෙක් කාරණය කතාව හා ගමන් කරණා ආකාරයද ගත්තාම නායකයෙකුගේ ලක්ෂණ තිබුණා. නළල් තලය, පාදවල ඇගිලි භුමියට ස්පර්ශවන ආකාරය යනාදී කරුණු කාරනා පරික්ෂා කරලා තමයි මම මේ කාරණයන් කීවේ.
ඒ වෙලාවේ චන්ද්‍රිකා මැතිණිය ජනාධිපති, රනිල් වික්‍රමසිංහ මහතා අගමැති….. මහින්ද රාජපක්ෂ මහත්තයා එතකොට විපක්ෂ නායක. මම කිව්වා ඔබතුමා එක දවසක් හරි රජ වෙනවා වෙනවාමයි කියලා. ඒ වෙලාවේ එතුමා ඒක පිළිගත්තේම නැහැ.
කොහොම හරි එතුමා රජ වුනානේ. රජවුනාට පස්සේ එතුමා එම ධූරයෙන් ඉවත් වෙන කාලයත් මට පෙනුනා. එදා මම ප්‍රකාශ කළා 2015 මැයි මාසය වෙන කොට එතුමාට ජනාධිපති පුටුව අහිමි වෙනවා කියලා. 2012 වර්ෂයේදී තමයි මම මේ කාරණය ප්‍රකාශ කළේ. ඒ වෙලාවේ මට බොහොම තර්ජන ගර්ජනවලට මුහුණ දෙන්න සිද්ධ වුනා.
දේහලක්ෂණ අනුව කෙනෙකුගේ නැගීම වගේම බැසීමත් සිද්ධ වෙන ආකාරය පෙන්නුම් කරනවා. ඉතින් ඒ අනුව මා ප්‍රකාශ කරන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයට යළිත් ශ්‍රී ලංකාවේ රජවීමට තරම් වාසනාවක් භාග්‍යයක් නැහැ. එතුමාගේ කාලය අවසානයි. දැන් පවතින එතුමාගේ දේහලක්ෂණ අනුව එතුමා ලබන නොවැම්බර් මාසයෙන් පසුව එනම් 2016 නොවැම්බර් 18 දායින් පසුව දේශපාලනයෙන් සමුගන්වාමයි.
මම මෙහෙම කියන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාටවත් රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාටවත් පක්ෂව කතා කිරිමක් නොවෙයි. දේහලක්ෂණ විද්‍යාව අනුව මම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ දකින දේහලක්ෂණ අනුව තමයි මේ කාරණය ප්‍රකාශ කරන්නේ.
මුලින් එතුමාගෙන් පෙන්නුම් කළ ලක්ෂණ දැන් එතුමාගෙන් ගිලිහි යමින් තිබෙනවා. කොතරම් ජනතාව එකතු කරගෙන පා ගමන් ආවත් ජන රැළි පැවැත්වුවත් යළිත් එතුමාට රජවීමේ වාසනාවනම් උදා වෙන්නේ නැහැ. දේහලක්ෂණ විද්‍යාව අනුව මේ ගැන ඕනෑම කෙනෙක් සමඟ සාකච්ඡා කරන්න මම සුදානම්.

 

mahinda

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p