D.I.G සදුන්ගහවත්ත අනිද්දා අත්අඩංගුවට ගනියිද

August 16, 2016

පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලය, වනාතවිල්ලූව සහකාර පොලිස් අධිකාරී කාර්යාලය ඇතුළු පොලිසියේ ගොඩනැගිලි අලූත් වැඩියාවන් සහ ඉදිකිරීම් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියනු ලබන මූල්‍ය අක‍්‍රමිකතාවක් සහ කූඨ ලේඛන සකස්කිරීමක් සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත‍්‍රික්භාර නියෝජ්‍ය පොලිස්පති පත්මලාල් සුන්ගහවත්තගෙන් අනිද්දා (18) පොලිස් විශේෂ විමර්ශන එ්කකය දීර්ඝ ලෙස ප‍්‍රශ්ණ කිරීමට නියමිතය.
මෙම මූල්‍ය අක‍්‍රමිකතාව සිදුවන වකවානුවේදී පුත්තලම පොලිස් කොට්ඨාශය භාරව සිට ඇත්තේ මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයාය.
මේ සම්බන්ධයෙන් සැකපිට පුත්තලම සහ හලාවත පොලිස් අධිකාරී කාර්යාල දෙකෙහි ප‍්‍රධාන ගණකාධිකාරීවරයාව සහ පොලිස් සැරයන්වරයෙක් පොලිස් විශේෂ විමර්ශන එ්කකය විසින් පසුගිය 11 වෙනිදා අත්අඩංගුවට ගනු ලැබීය. පොදු දේපොල පනතින් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් මේ මස 25 වෙනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අනුදැනුම මත සියල්ල සිදුවුණු බව ඔවුන් දෙදෙනා ප‍්‍රශ්ණ කිරීම් හමුවේ ප‍්‍රකාශයක් ලබාදී ඇති බව පොලිස් විශේෂ විමර්ශන එ්කකයේ තොරතුරු අනාවරණය කළේය.
මෙම ඉදිකිරීම් වලදී රුපියල් ලක්‍ෂ 20 ක පමණ මූල්‍ය අක‍්‍රමිකතාවක් සිදුව ඇති බව මූලික විමර්ශන වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය ප්‍රකාශ කළේය.
කොන්ත‍්‍රාත්කරුවෙකුගේ නමක් සදහන් කරමින් එම කොන්ත‍්‍රාත්කරු මගින් ඉදිකිරීම් කර ඇති බවට ලිපි ලේඛන වලින් පෙන්වා ඉදිකිරීම් කර තිබෙන බව පොලිසිය කියයි. චෙක්පත් එම කොන්ත‍්‍රාත්කරුගේ නමට නිකුත්කර පසුව රේඛන අවලංගුකර බැංකුවෙන් මුදල් ලබාගෙන ඇති බවද පරීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.
එසේ චෙක්පත් මාරුකර බැංකුවෙන් මුදල් ලබාගෙන ඇත්තේ පොලිස් සැරයන්වරයෙක් මගින් බවද හෙළිවී ඇත.
බොහෝ විට නියෝජ්‍ය පොලිස්පතිවරයාද අත්අඩංගුවට පත්වනු ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p