වැට් පනතක් පාර්ලිමේන්තුවේ දැන් නැහැ – දිනේෂ් ගුණවර්ධන

August 9, 2016

ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව අනුව පාර්ලිමේන්තුව ඉදිරියේ පනත් කෙටුම්පත් නොමැති බැවින් ආණ්ඩුවට යළිත් පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවාද නැතිද යන්න පිළිබද තින්දු කිරීමට සිදුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) ප්‍රකාශ කළේය.
නියමිත සම්ප්‍රදායන් අනුගමනය නොකර පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට අවස්ථාව ලබාදිම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම්වරයා වගකිව යුතුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකතු කල අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත අවලංගුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරලා තියෙනවා. මේ පනත ඉදිරිපත් කළ අවස්ථාවේ අපි මීට එරෙහිව අධිකරණයට යන බව කිව්වා. පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන විට අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සහතිකය ඉදිරිපත් කළ යුතුයි.
අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ සහතිකය ඉදිරිපත් නොකර පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නම් එය බරපතල ප්‍රශ්නයක්. දෙවන කාරණය එවැනි සහතිකයක් ලැබුනේ නැතිනම් පාර්ලිමේන්තු මහලේකම්වරයා ඒ සම්බන්ධයෙන් කටයුතු නොකළේ ඇයි?
අපි මේ පනතට පක්ෂ වුනත් විපක්ෂ වුනත් පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා අදාළ අමාත්‍යතුමාට හෝ අමාත්‍යතුමාගේ ලේකම්වරයාට ඒ සම්බන්ධයෙන් දැනුම්දීමට අනිවාර්්‍යයෙන් බැදී සිටිනවා. එසේ නොමැතිව ඊළඟ පියවරට යන්න බැහැ.
සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා අධිකරණයට නොගියා නම් කැබිනට් අනුමැතියේ සහතිකය නොමැතිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව පාර්ලිමේන්තුව එය සම්මත කිරිමට ඉඩ තිබුණා. මෙය බරපතල කාරණයක් නිසා ශ්‍රේෂ්ඨාධිකරණය දි තිබෙන තිරණය අනුගමනය කරනවා විනා වෙන විකල්පයක් නැහැ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p