ශ්‍රිලනිපයට 65යි – සංවත්සරය කුරුණෑගලදී

August 6, 2016

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සර උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 04 වැනි දින කුරුණෑගලදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහලේකම්වරයා කියාසිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරය සැප්තැම්බර් 02වැනිදාට යෙදී ඇතත් එදින රජයේ වැඩ කරන දිනයක් බැවින් සංවත්සර උළෙල සැප්තැම්බර් 04 වෙනි දින පවත්වන බවයි.

එමෙන්ම මෙවර සංවත්සර උළෙලේදී පක්ෂයේ අභිවෘද්ධිය සහ උන්නතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p