පිටරට සවාරි යන මැති ඇමතින්ට ජනපතිගෙන් විශේෂ නියෝගයක්

August 6, 2016

ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන් විදේශ සංචාර සඳහා රටින් බැහැර වන්නේ නම් තමාගෙන් පෞද්ගලිකවම පූර්ණ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ඒ අනුව විදේශ සංචාර සඳහා රටින් බැහැර වීමට සති දෙකකට පෙර මේ සම්බන්ධයෙන් ලිඛිතව ජනාධිපතිවරයාට දැනුම්දිය යුතු බවත් ලිඛිතවම අනුමැතිය ලබාගත යුතු බවටත් ජනාධිපතිවරයා නියෝග කර ඇත.

රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මගින් ලැබෙන අරමුදල් යොදා ගනිමින් ඇතැම් විට කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බව නිරීක්ෂණය වී ඇති බැවින් ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ.

එමෙන්ම දිස්ත්‍රික් හා ප්‍රාදේශිය සම්බන්ධීකරණ කමිටු තුළ තීරණ ගැනීමට සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් ඒ සඳහා සහභාගි වීම අනිවාර්ය වන බැවින් පෞද්ගලික විදෙස් සංචාර සඳහා සහභාගි වුවද ඒ සඳහාද ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතු බව ජනාධිපතිවරයා ලිපිය මගින් සියලුම මැති ඇමතිවරුන්ට දැනුම් දී තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p