විහාර පාර්ශව සඳහා නව නිති ව්‍යවස්ථාවට

August 4, 2016

ශ්‍රී ලංකාවේ විහාර පාර්ශවයන්හී සංයුතිය කිසිදු ජනාධිපතිවරයෙකුට හෝ රජයකට වෙනස් කළ නොහැකි විධි විධාන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරිමට ආණ්ඩුව තීරණය කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ  යෝජනාවක් අනුව සකස් කළ මෙම විධිවිධානය මගින් මෙරට කිසිදු විහාර පාර්ශවයක සංයුතිය වෙනස් කිරිමට කිසිවෙකුටත් අවස්ථාවක් හිමි නොවේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික වගන්ති කිහිපය අතරට විහාර පාර්ශව සංයුතිය වෙනස් කළ නොහැකිය යන මෙම යොජනාවට ප්‍රමුඛස්ථානයදී සලකන බව රජය ප්‍රකාශ කර සිටියි.
ඉහත විධිවිධානය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතුළත් කිරිමෙන් පසු විහාර පාර්ශව සංයුතිය සම්බන්ධයෙන් කටයුතු කිරිමේ බලය මහ නාහිමිවරුන් හා අදාළ පාර්ශවයන් හි කාරක සංඝ සභාවලට නෛතිකවම හිමිවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p