වැට් පනත ලබන 10 හා 11 විවාදයට

August 4, 2016

වැට් බදු ඉහළ නැංවිමේ සංශෝධන පනත් කෙටුම්පත අගෝස්තු මස 10 දා සහ 11 දා විවාදයට ගැනීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් අද  (04) තීරණය කර ඇත.
කතානායක කරු ජයසූරිය මහතා වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන අගහරුවාදා (09) ප්‍රකාශයට පත් කරන බවද ඒ මහතා පක්ෂ නායකයන්ට ඊයේ දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තු සංකිර්ණයේදි කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්විම පැවැත්වි තිබේ.
සභානායක හා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් වැට් බදු සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත ලබන 10 දා විවාදයට ඉදිරිපත් කරනා බව දැනුම් දි ඇත. එහිදි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර ඇත්තේ විපක්ෂයට විවාදය සඳහා දින දෙකක කාලයක් අවශ්‍ය බවයි. ඒ අනුව විවාදයට දින දෙකක කාලයක් ලබාදීමට ආණ්ඩු පක්ෂය එකඟ වී තිබේ.
මේ අනුව විවාදය ලබන 10 දා සහ 11 දා පැවැත්වීමට පක්ෂ නායකයෝ තිරණය කර ඇත.
පක්ෂ නායක රැස්විමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල, ඇමති නිමල් සිරිපාල ද සිල්වා, සරත් අමුණුගම, රිෂාඩ් බදියුදින් යන මහත්වරුද විපක්ෂයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්ධන මහතා සහ දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගී වි තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු පක්ෂ නායක රැස්විමට සහභාගී වී නැත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p