ජාතික ආරක්ෂාවේ නාමයෙන් පාලම පුපුරුවා හරින්න අපි සුදානම්

August 4, 2016

ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 12වන ඉස්ලාමීය ආර්ථික සමුළුවට සහභාගීවන අමාත්‍ය කබීර් හෂීම් අතුරු ප්‍රශ්නෙකට පිළිතුරු ලබා දෙමින්  ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන පාලමක් ඉදිකිරීම පිළිබඳව තොරතුරු අනාවරණය කර ඇති බව පිවිතුරු හෙ‍ළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද(03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මෙම පාලම  ඉදිකිරීමෙන් අනතුරුව ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කෙරෙන බව සඳහන් කළත් සත්‍ය වශයෙන් මෙහිදී යා වෙන්නේ  උතුරු පළාත හා ඉන්දියාවේ තම්ල්නාඩුව බව ඒ මහතා පෙන්වා දෙයි.

ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 50ක් බවත්, ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 21ක් බවත්, මේ මගින් සිදු වන්නේ ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන කොටස් ලංකාවට ගලාගෙන ඒමක් බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මේ මගින් තමිල්නාඩුවේ පිරිස් නොනවත්වාම උතුරට ගමන් කිරීමක් සිදු වන බවත්, ඒ මගින් සිංහලයාට තම මව් රට එනම් සිංහල ජනතාවට හිමි එකම රට අහිමිවීමේ අවදානමක් ඇතිවන බවද ඒ මහතා පවසයි.

ප්‍රශ්න ගණනාවකට තුඩු දෙන මෙම පාලම ඉන්දියාවට බයේ ඉදිකිරීමට කටයුතු නොකරන ලෙසත්, එය ඉදිකරනවානම් අනිවාර්යෙන්ම ජනමත විචාරණයකට යා යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම මේ පාලම ඉදිකළ හොත් ජාතික ආරක්ෂාව නාමයෙන් මෙය පුපුරුවා දැමීමට කටයුතු කරන බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p