අත්ලෙන් විදහා දැක්වෙන කාන්තා හා පුරුෂ වාසනාව අවාසනාව

August 4, 2016

දේහ ලක්ෂණ විද්‍යාවේ මුලිකාංග අපි පසුගිය සතියේදි ඉදිරිපත් කළෙමු. දේහ ලක්ෂණ අනුව මනුෂ්‍ය ශරිරයේ තවත් වැදගත් අංගයක් වන්නේ දෙ අත්ලයි. හස්ත රේඛා එක් අයෙකුට එක් අයෙකුගෙන් සපුරා වෙනස් බව නවීන විද්‍යාවෙන්ද පිළිගෙන තිබේ. අපරාධකරුවන්ගේ ඇගිලි සලකුණු ගන්නේ එබැවිනි.
කෙසේනමුත් දේහ ලක්ෂණ විද්‍යාවේදී ද හස්ත රේඛා සම්බන්ධයෙන් වැඩි ඉඩක් වෙන් කර ඇත. එසේම ඇගිලි පිහිටන ආකාරය අනුව ද ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්ෂණ කිවහැක. මෙහිදි පුරුෂයෙකුගේ පරික්ෂා කරනු ලබන්නේ දකුණු අතය. කාන්තාවකගේ පරික්ෂා කරනු ලබන්නේ වම් අතය.
කාන්තාවකගේ වම් අතේ ද පුරුෂයකුගේ දකුණු අතේ ද වෙදගිල්ලේ පළවෙනි පුරුකට උඩින් ශිර්ෂයක් ආකාරයට වැඩි දුරක් සුළගිල්ලට ඉහළින් ගොස් තිබේ නම් එම චරිතය ගල් පොත්තක උප්පත්තිය ලැබුවත් ඒකාන්ත වශයෙන්ම උසස් තානාන්තරයකට යාමට වාසනාව උදාකර ගනිති.

jo

එසේම කාන්තාවකගේ මැද ඇගිලි දෙකේම උඩ පුරුක් සුළගිල්ල පැත්තට නැමි ඇත්නම් ඒකාන්ත වශයෙන්ම එම කාන්තාවගේ විවාහය ප්‍රශ්න සහතවිම අනිවාර්යය. ඒකාන්ත ලෙසම එම කාන්තාවට ප්‍රශ්න ඇති වෙන අතර එය කිසිවෙකුට වැළැක්වියද නොහැකිය. රාජ කුමාරයෙක් විවාහ කරගෙන සිටියද එම කාන්තාවට සිය විවාහය අහිමි වී යයි. වෙනත් සම්බන්ධතාවලට මෙවන් කාන්තාවන් යොමුවීම වැළැක්විය නොහැක.
ජීවන රේඛාව, ලය රේඛාව යනාදී රේඛා හදුන්වා දී තිබෙන්නේ ඉන්දියාවේ සාස්තරකරුවන් විසිනි. දඹරගිල්ලත් මහපට ඇගිල්ලත් මැදි කරගෙන පහලට රේඛාවක් දිව යයි. එය ජීවන රේඛාව වේ. මෙයට අයුෂ රේඛාව කියාද කියයි. එම රේඛාව හරහට ඉරි කිහිපයකින් කැපී ඇති නම් එම කාන්තාවගේ හෝ පුරුෂයාගේ ජිවිතය ඒකාන්ත වශයෙන්ම දරුණු අනතුරුවලට මුහුණදිමට සිදුවන්නේය. නැතිනම් බලාපොරොත්තු නොවුනු දරුණු ශල්‍යකර්මයන්ට මුහුණ දීමට සිදුවනවාමය.
කෙසේවුවත් මෙම ජිවන රේඛාව මැණික් කටුව දෙසටම දිගට විහිදි ඇතිනම් එම රේඛාව හරහට ඉරි කිහිපයකින් කැපී තිබිම නිසා දරුණු අනතුරුවලට ශල්‍යකර්මවලට ලක්වුවත් ඔහුගේ ජිවිතය අහිමි නොවේ. හරහට ඉරි කිහිපයකින් කැපි තිබෙන ජිවන රේඛාවක් වැඩි දුරක් දිගට නොගොස් අතරමඟ නතරවී ඇතිනම් එවැනි අයකුගේ ජිවිතය අවසන් වන්නේ හදිසි අනතුරකිනි.
කාන්තාවගේ හෝ පුරුෂයාගේ අත්ලෙහි සුළගිල්ල ආරම්භ වන තැනට පහළින් හරහට ඉරි කිහිපයක් සටහන්ව තිබේ. එම ඉරිවලින් කියවෙන්නේ විවාහයකට උරුමකම් ඇතිද නැතිද යන්නය. එම රේඛාවන් අල්ල දෙසට දිව යන්නේ නම් එවැනි අත්ලකට හිමිකම් කියන්නේ පුරුෂයෙකු නම් ඔහු විවාහයක් කර ගන්නේ කිසිවෙකුත් නොසිතු ආකාරයටය. එවැනි අයෙකුගේ දියුණුව සිද්ධ වන්නේද විවාහයෙන් පසුවය. එක් රේඛාවකට අමතරව රේඛා වැඩි ප්‍රමාණයක් මෙම ස්ථානයේ ඇති නම් එයින් කියවෙන්නේ ඔහුට විවාහයට පෙර වගේම විවාහයට පසුවත් කාන්තාවන් හා සම්බන්ධතා කිහිපයක් පවත්වන බවය.
පළවෙනි විවාහය කොපමණ හොදින් සිද්ධ වුවත් එය අවසන් වී තවත් විවාහයන් කිහිපයකට උරුමකම් ඇති බව එලෙස රේඛා බොහොමයක් ඇති නම් කියවෙයි.
සුළගිල්ල ආරම්භ වන තැන තිබෙන මෙම රේඛාවන්ටත් බොහෝමයක් පහලින් අල්ල මැදට රේඛාවක් දිව යයි නම් ඔහුට හෝ ඇයට උපන් බිම අතහැර විදේශගතවිමට සිදුවිම අනිවාර්ය වේ. ඔහු හෝ ඇය විදේශගතව බොහෝ කාලයක් පදිංචි වී සිටියි. එසේම එරට අයෙකු සමඟ සම්බන්ධ වී පුරවැසිභාවය ලබා ගැනිමට තරම් වාසනාවක් පිහිටා තිබේ.
අනෙක් රේඛාව අල්ල හරහා මැදගිල්ලට ලගා වන රේඛාවය. එයට ලය රේඛාව කියා හදුන්වනු ලබයි. එවැනි අයට ඉහලම තනතුරකට යාමේ හැකියාව උදාවේ. ලංකවේ ශ්‍රේෂ්ඨ නායිකාවක වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ වම් අත්ලෙහි එවැනි රේඛාවක් පැවතුනි.

එසේම වෙදගිල්ලේ සිට පහලට රේඛාවක් දිව ගොස් ඇති නම් ඒකාන්ත වශයෙන්ම එවන් චරිත උසස් අධ්‍යාපනයකට හිමිකම් කියති. එසේම ගෞරව නාම උසස් තනතුරුවලටද එවැන්නන් හිමිකම් කියති. උසස්ම ගෞරව විද ජිවිතය හමාර කරයි. ආචාර්ය මහාචාර්ය පදවි විදින්න වාසනාව හිමිකම් කීමටද ඔහු හෝ ඇය වාසනාවන්තවේ.
අනෙක අතේ ඇගිලි පුරුක් වෙන් කරන ස්ථානයන්හි පවතින රේඛා ප්‍රමාණය වැඩි නම් එවැනි චරිත ස්වෝත්සාහයෙන් ජිවිතය ජය ගන්නා පුද්ගලයෝය. සියලූ සැප සම්පත් ලගා කරගන්නේ ස්වෝත්සාහයෙනි. අතේ ඇගිලි එකට එක් කළ පසු ඒ අතරින් හිඩැස් පිහිටා ඇතිනම් කොපමණ මුදලක් ඉපැයුවද ශතපහක් හෝ ඉතිරි කළ නොහැකිවේ. යම් කෙනෙකුගේ ඇගිලි එකට එක් කළ විට එකදු හිඩසක්වත් පෙනෙන්නට නැතිනම් ඔහු හෝ ඇය මුදල් රැස්කරන ආර්ථික දියුණුවක් සහිත අයෙකුවේ.
දේහ ලක්ෂණ පිළිබඳ තවත් විස්තර ඉදිරි ලිපි මගින් බලාපොරොත්තු වන්න.
කිසියම් අයෙකුට දේහ ලක්ෂණයන්ගෙන් අනාගත දියුණුව හෝ චරිතය පිළිබඳ දැන ගන්නට අවශ්‍ය නම් අප වෙබ් අඩවිය හරහා වැඩි විස්තර දැනගත හැකිවේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p