පාද යාත්‍රාවට දිවි නැගුම නිලධාරිනුත් ගිහිල්ලා

August 5, 2016

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතවයට වැඩියෙන්ම සම්බන්ධ වී ඇත්තේ දිවි නැගුම සංවර්ධන නිලධාරින් බවට රාජ්‍ය බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට රාජ්‍ය බුද්ධි අංශ විසින් දී ඇති වාර්තාවේ සඳහන් වන්නේ රජයට එරෙහි විරෝධතාවේ නායකත්වය ගෙන කටයුතු කළ වැඩි දෙනෙකු දිවි නැගුම නිලධාරින් බවය.
ප්‍රාදේශිය මට්ටමින් ප්‍රබල බලපෑම් එල්ල වුවද කෘෂිකර්ම පර්යේෂණ නිලධාරින් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට  සහභාගී වී ඇත්තේ අවම වශයෙන් බවද රාජ්‍ය බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.
රාජ්‍ය නිලධාරින් ලෙස කටයුතු කරමින් රජයට එරෙහි විරෝධතාවයකට නායකත්වය දුන් මෙම පිරිසට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම සඳහා සමාජ සුබ සාධන හා සමාජ සවිබල ගැන්විමේ අමාත්‍යාංශයට රාජ්‍ය බුද්ධි අංශ ලබාදුන් වාර්තාව යොමු කිරිමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p