අවි – මිනිස් – මත්ද්‍රව්‍ය ජවාරම් මඬින හැටි අගමෑති කියයි

August 3, 2016

අවි, මිනිස් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මැඬපැවැත්වීම සඳහා නව ක්‍රමවේදයක් සැකසීමට සාමුහීක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.

ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ ජකර්තා අගනුවර දී එරට දේශපාලන, නීතිය හා ආරක්ෂක අමාත්‍ය විරන්තෝ මහතා මුණගැසී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මෙහිදී ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයත් ඉන්දුනීසියාවේ දේශපාලන නීතිය හා ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයත් සමීපව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් හුවමාරු කරගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ අමාත්‍යවරුන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් කඩිනමින් පැවැත්විය යුතු  බව ද තීරණය වී ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p