මාසයක් ඇතුළත එ.ජා.ප යට සාමාජිකයන් ලක්ෂ 08 ක්

August 3, 2016

එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් තිස් ලක්ෂයක් බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ මාසයක් තුළ සාමාජික සාමාජිකාවන් ලක්ෂ 08 ක් බඳවා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් සාමාජික සාමාජිකාවන් ලක්ෂ 30 ක් බඳවා ගැනිම සිදුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුවය.
ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් තුනෙන් දෙකක (2/3) සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් ලෙස බඳවා ගැනිම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවෙයි.
මීට මාසයකට පෙර ආරම්භ කළ වැඩසටහන යටතේ රුපියල් 20 ක සාමාජික ටිකට් පත් මගින් සාමාජිකයන් 689000 ක් බඳවා ගැනුනු බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බලකා ප්‍රධානි, අග්‍රාමාත්‍ය පුද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන පක්ෂයක් හදුන්වා දුන් අන්තර්ජාල ඇප් පහසුකම මගින්  “ඉ” සාමාජික කාඩ්පත් මගින් සාමාජිකයන් 112000 ක්ද මේ වන විට එක්සත් ජාතික පක්ෂයට බඳවා ගෙන සිටිති.
මෙරට මෙන්ම විදේශියන් හි සිටින ශ්‍රී ලාංකිකයන්ද මෙම ක්‍රමය යටතේ සාමාජිකත්වය ලබා ගෙන සිටින බවද සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය. රුපියල් 100 ටිකට් පත් මගින් සාමාජිකයන් 4000 ක්ද රුපියල් 1000 ටිකට් පත් මගින් සාමාජිකයන් 1000 ක්ද මේ වන විට පක්ෂ මූලස්ථානයේ ලියාපදිංචි වී අතැයිද ඒ මහතා සඳහන් කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p