ගේට්ටුකරුවන්ගේ වර්ජනයේ – දුම්රියේ හැපී එකම පවුලේ 03ක් මරුට

August 3, 2016

කුරුණෑගල, හිරියාල සහ ගනේවත්ත දුම්රිය ස්ථාන අතර අතුරු මාර්ගයක සිදු වූ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මව සහ දරු දෙදෙනා මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදීයි. අද පෙරවරු 11යි 40ට පමණ කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කරමින් තිබූ සීඝ‍්‍රගාමී දුම්රියේ හැපී ඔවුන් මියගිය බවයි පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර දුම්රිය හරස් මාර්ග ආරක්ෂකයන් වැඩවර්ජනයක්ද ආරම්භ කර තිබෙනවා. ඔවුන්ගේ වැඩවර්ජනයට අදට දින 4ක්. දැනට සුළු දීමනාවක් ලබන තමන්ගේ වැටුපට රුපියල් පන්දහසක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළා. එම වැඩවර්ජනයට සහාය පළ කරමින් අද අනුරාධපුර මැදවච්චිය අතර දුම්රිය මාර්ග හරස් කරමින් හරස් මාර්ග සේවක සංගමය උද්ඝෝෂණයක නිරත වුණා. රට පුරා දුම්රිය ගේට්ටුකරුවන් මෙම වැඩවර්ජනයට එක්ව සිටිනවා

 

01

Sammy

Previous story Next story

Leave a comment

t

o

p