අපේ මිනිස්සු හොදට බොනවා…..

August 3, 2016

යුරෝපයේ රටවල ජනතාව දෛනිකව පරිභෝජනය  කරන මද්‍යසාර ප්‍රමාණය මෙන් පස්ගුණයක ප්‍රමාණයක් ලංකාවේ ජනතාව පරිභෝජනය කරන බව අනාවරණය වී තිබේ.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක් බවද කී ඔහු ලංකාවේ මද්‍යසාර භාවිත කරන පිරිස සමස්ත ජනහනයෙන් බෙදූ විට 20% ක් බවත්,යුරෝපයේ  එය 95% ක් ලෙස සඳහන් වන බවත් ඔහු සඳහන් කළේය.

ලංකාවේ පිරිමින්ගෙන් 37.1%ක්ද, ස්ත්‍රීන්ගෙන් 2.4%ක්ද,යෞවනයන් 40000ක්ද මද්‍යසාර පරිභෝජනය කරන බව ද සදහන් කළේය.

කාන්තාවන්ගේ පරිභෝජනය සියයට 1.2 සිට 2.4 දක්වා දෙගුණයකින් වැඩි වී ඇතැයි පවසා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p