පාද යාත්‍රාව අවසන් කරන්න ජනපති – අගමැති මැදිහත්වේ

August 1, 2016

ජන සටන පාද යාත‍්‍රාවේ නිමාව සනිටුහන් කරමින් ජන රැලිය පැවැත්වීමට එ්කාබද්ධ විපක්‍ෂයට බොරැල්ල කැම්බල් පිටිය අද (01) සවස ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීමෙන් බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ මහා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අද දහවල් කළ ඉල්ලීමකට අනුව කැම්බල් පිටිය ලබා දී ඇති බවද එම ආරංචි මාර්ග අනාවරණය කළේය.

එම ඉල්ලීම හිටපු ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාට ලැබී ඇත්තේ අද පෙරවරුවේදීය. පාද යාත‍්‍රාව අවසන් කරමින් ජන රැලිය පැවැත්වීමට ස්ථානයක් නොමැති බව සදහන් කරමින් එ් සදහා සුදුසු ස්ථානයක් ලබාදෙන මෙන් මහින්ද රාජපක්‍ෂ මහතා විසින්ම අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් දී මෙම ඉල්ලීම කර ඇති බව සදහන්ය.

එ් අනුව අගමැතිවරයා ජනාධිපතිවරයා සමග කථාබහකර කොළඹ නගර සභාවේ අනුමැතියද පොලිසියේ අදහස්ද ඇතිව කැම්බල්පිටිය එ් සදහා ලබාදීමට පියවර ගෙන තිබේ. එකී අවසරය අද (01) දහවල් 1.30 ට පමණ කොළඹ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක මහතා විසින්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතටම ලබාදී තිබේ. එහි පිටපතක් පාද යාත‍්‍රාවේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතටද ලබාදීමට පොලිසිය පියවර ගෙන තිබිණි.


පාද යාත‍්‍රාව මහනුවරින් ගමන් ආරම්භකලත් අවසානය කොතනදැයි සංවිධායකයින් සදහන් කලේ නැත. එය අවසන් මොහොත දක්වාම රහසක් ලෙස තබා ගන්නා බව සංවිධායකයන් පෙන්වනු ලැබීය. රාජ්‍ය බුද්ධි සේවය මෙන්ම ආරක්‍ෂක බුද්ධි අංශ පවා පාද යාත‍්‍රාවේ අවසානය කොතනදැයි දැනගැනීමට නොහැකිව දැඩි පීඩනයකට අද දහවල් වන තුරු ලක්ව සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p