දුෂණ හොයන්න එපා පොලිස් රෝහලේ වෛද්‍යවරු ‍වර්ජනයේ

August 1, 2016

ශ‍්‍රී ලංකා පොලිස් රෝහල තුළ සිදුව ඇති දුෂණ වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව විසින් කරනු ලබන පරීක්‍ෂණයට එරෙහිව පොලිස් රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් පසුගිය 30 දා වැඩ වර්ජනයක නිරතව සිට ඇතැයි පොලිස් ආරංචි මාර්ග අනාවරණය කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන විමර්ශන වැරදි ආකාරයට සිදුවන බවට චෝදනා කරමින් එම විමර්ශනයන්ට එරෙහිව එම වැඩවර්ජනය ක‍්‍රියාත්මක කර තිබේ.

පොලිස් රෝහලට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අනුයුක්තකර සිටින වෛද්‍යවරු පිරිසක් පමණක් එම වැඩවර්ජනයේ නිරතව සිටි බවත් පොලිස් තනතුරු ඇති වෛද්‍යවරු රාජකාරියේ නිරතව සිටි බවත් එ් සම්බන්ධයෙන් කළ විමසීමකදී නියෝජ්‍ය පොලිස්පති ප‍්‍රියන්ත ජයකොඩි මහතා සදහන් කළේය.

එසේ වර්ජනයේ නිරතවූ ඇතැම් වෛද්‍යවරු ඔවුන්ට පොලිස් දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති වාහන පවා භාරදී ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පොලිස් රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී විශ‍්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලියෝ පෙරේරා මහතා මිය යාම සම්බන්ධයෙන් ඔහුගේ පවුලේ ඥතීන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එම මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබිණී. එහිදී අනාවරණය වූ කාරණා අධීකරණයට දක්වමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සදහන්කර තිබුනේ ලියෝ පෙරේරා මහතාගේ මරණයට හේතුව නොසැලකිලිමත්බව බවය. එ් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට සදහන් කර තිබිණි.

එම විමර්ශන සිදුවන අතරතුර රෝහලින් රුපියල් ලක්‍ෂ පහකට අධික ඹෟෂධ තොගයක් සොරාගෙන යමින් සිටි රෝහලේ සුළු සේවකයෙක්ව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබිණි. එ් සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර කිරීමෙන් පසු රෝහලේ සිදුවන මහා පරිමාණ ඹෟෂධ වංචාවක්ද අනාවරණය වී තිබේ. පසුගිය වසර කිහිපය තුළ පමණක් රුපියල් කෝටි 10 කට අධික ඹෟෂධ රෝහලෙන් සොරාගෙන ඇති බව අනාවරණය වී තිබිණි. නිසි ලෙස ඹෟෂධ සම්බන්ධයෙන් වාර්තා පවා තබා නොගන්නා බවත් ඇතැම් වෛද්‍යවරු පුද්ගලික වෛද්‍ය මධයස්ථාන පවත්වාගෙන යන බැවින් රෝහලේ ඹෟෂධ එම වෛද්‍ය මධ්‍යස්ථාන වෙත ගෙන යන බවට වූ තොරතුරක් මත එ් සම්බන්ධයෙන්ද විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භකර තිබිණි.

ඊට අදාලව තොරතුරු රුස්කර ගැනීමට විගණකාධිපති මගින් පොලිස් රෝහල විගණනය කිරීමට පවා අධිකරණ නියෝගයක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගත්තේය. වෛද්‍යවරු පිරිසක් වැඩ වර්ජනයක නිරතවන්නේ එ්ත් සමග බව පොලිස් රෝහල් තොරතුරු අනාවරණය කළේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p