ශ්‍රී.ල.නී.ප යේ විනය කඩන අයට විනය පියවර ගන්නවා – දුමින්ද දිසානායක

August 1, 2016

ඇතැම් මන්ත්‍රීවරුන්ට පා ගමන් යාමට ස්වාධීන අයිතියක් තිබුණද පක්ෂයේ විනය කඩ කරන උදවියට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමේ ස්වාධීන අයිතියක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතැයි එම පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඇතැම් පිරිස් පා ගමනේ යාමට කටයුතු කරමින් සිටින අතර ඔවුන්ට ඒ සදහා අයිතියක් ඇති නමුත් එම පාගමන තමන් අනුමත නොකරන බව ද කෘෂිකර්ම සංවර්ධනය වෙනුවෙන් අද (01) මහනුවර ගලහ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පැවැති  ගම්දොර ජාතික උත්සවයෙන්  අනතුරුව මාධ්‍ය කළ විමසීමේදී අදහස් පල කරමින් ඒ මහතා මේ බව කීවේය.

පාද යාත්‍රාවේ ගිය මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම පක්ෂයේ අභ්‍යන්තර කාරණාවක් බවත් එහි තීන්දු තීරණ ඉදිරියේදී දැන ගත හැකි බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. පා ගමන් කළ අයට ඒ වෙනුවෙන් ස්වාධීන අයිතියක් තිබෙන නමුත් පක්ෂයේ අනාගතය හා අභිවෘද්ධිය සදහා ස්වාධීන තීන්දුවක් ගැනීම පක්ෂයේ අයිතියක් වන්නේ යැයි ද  අමාත්‍යවරයා සදහන් කළේය.

මෙම පාගමන තුළින් ආණ්ඩුව වෙනස් කිරීම හෝ වෙන යම් ක්‍රියාමාර්ගයක් ගත නොහැකි යැයි පැවසු ඇමතිවරයා පක්ෂ ක්‍රියාකාරීන් දින ගණනාවක් තිස්සේ ගමන් කර පා ගමන් ගිය ද ඔවුන්ට අවසානයේ ලබා ගත හැකි ඵලයක් නොමැති බව ද වැඩිදුරටත් කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p