පළාත් පාලන ඡන්දය ඉක්මණින් තියන්න එය අපට වාසියි. එ.ජා.ප මැති ඇමතිවරු ඉල්ලයි

July 21, 2016

කුමන ඡන්ද ක්‍රමයකට හෝ පළාත් පලන මැතිවරණය හැකි විගස පවත්වන්නැයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද (21) ඉල්ලා සිටියහ.
සමානුපාතික ක්‍රමය හෝ කොට්ඨාශ ක්‍රමය යටතේ හෝ වෙනත් ඕනෑම ක්‍රමයකට අනුව පළාත් පාලන ඡන්දය හැකි ඉක්මණින් පවත්වා ගැනිම සිය අවශ්‍යතාවය බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ කරුණු දැක්වූ මැති ඇමතිවරු ඉල්ලා සිටියහ.
එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු හා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු මේ ඉල්ලීම කළේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ දෙවන මහලේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී හමුවු අවස්ථාවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේගය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදි තිබෙන මේ අවස්ථාවේ මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශිය සභා ඡන්දය පැවැත්වීම තුළින් එක්සත් ජාතික පක්ෂයට විශාල වාසියක් අත් වෙන බවද මැති ඇමතිවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දිර්ඝ වශයෙන් කරුණු දැක්වූහ.
ඡන්දය පවත්වන ක්‍රමය තමන්ට ප්‍රශ්නයක් නොවන බව සඳහන් කළ එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු අවශය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදි ඇති අවස්ථාවේ කඩිනමින් ඡන්දයක් පැවැත්වීම බවද ඔවුන් අග්‍රාමාත්‍යවරයා හමුවේ තවදුරටත් කියා සිටියහ.

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p