මාලබේ වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා අර්ධ රාජ්‍යවෙයි.

July 21, 2016

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) රාජ්‍ය සහ පෞද්ගලික සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු අද (21) එකඟතවයට පැමිණියහ.
රජයේ විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරුන් මේ එකඟතාවයට පැමිණියේ උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමඟ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකිර්ණයේ ඊයේ උâසන පැවැත්වූ සාකච්ඡාවේදීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාල 07 ක වෛද්‍ය පිඨාධිපතිවරු සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සාකච්ඡාවට සහභාගී වුහ.
රජයේ පූර්ණ මැදිහත්විම යටතේ රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගීතාව සහිත ආයතනයක් ලෙස මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය (SAITM) පවත්වාගෙන යාමට වෛද්‍ය පිඨාධිපතිවරු එම සාකච්ඡාවේදි පූර්ණ එකඟත්වයට පැමිණියහ.
මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඉහත ආකාරයට රජය සමඟ සම්බන්ධවීමේදි නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහද එවැනි ක්‍රමවේදයක් යටතට පත් කිරිමටද ඉහත සාකච්ඡාවේදී වැඩිදුරටත් තීරණය කෙරින.
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය සහ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සහ විශ්ව විද්‍යාල 07 ක පිඨාධිපතිවරු අතර පැවැති සාකච්ඡාවේදි ඇති කර ගත් එකඟතාවය ඊයේ දහවල්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම්දීමට ද පියවර ගැනින.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p