ට‍්‍රැෆික් වැඩිවෙනවා.. බොරතෙල් මිල බැස්සත් මෙරට ඉන්ධන මිල අඩු කරන්න එපා..

January 29, 2016

මෙරට මහා මාර්ගයන්හි ඇති වාහන තදබදයට විසදුම් නොදී ඉන්ධන මිල අඩු නොකරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ  ඉන්ධන මිල අඩු කලහොත් දැනට ඇති මාර්ග තදබදය නිසා පොදු මගී සේවාව සම්පූර්ණයෙන්ම කඩා වැටෙන බවයි.

ඉන්ධන මිල අඩු කලහොත් මහාමාර්ගවලට පෞද්ගලික වාහන අති විශාල ප‍්‍රමාණයක් එක්වීම නිසා කොළඹ ඇතුළු නගර වල බස් රථයෙන් ගමන් කරන වේගයට වඩා වැඩි වේගයකින් ජනතාවට පයින් යා හැකි වනු ඇතැයිද ඔහු කොලඹදි පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p