යහපාලනය තුළත් දූෂණයේ අඩුවක් නැහැ – ට‍්‍රාන්ස්පෙරන්සි

January 31, 2016

යහපාලනය ඇති වී වසරක් ගෙවී ඇතත් රටේ දූෂණයේ සැලකිය යුතු අඩුවක් සිදු වී නොමැති බව ට්‍රාන්ස්පෙයරන්සි ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකා ශාඛාව ප්‍රකාශ කරයි.

ඔවුන් මේ බව පවසන්නේ ලෝකයේ රටවල් ගණනාවක කළ සමීක්ෂණයකින් ඒ ඒ රටවල දූෂණ හා වංචාවන් සිදු වන ප්‍රමාණය අනුව නිකුත් කර ඇති ලෝක දර්ශකය උපුටා දක්වමිනි.

2015 වසර වෙනුවෙන් නිකුත් වූ එම දර්ශකයේ ලංකාවට හිමි වී ඇත්තේ අසූ තුන් වැනි ස්ථානයයි.

2014 වසරේ දී අසූ පස් වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව 2015 දී පියවර දෙකකින් ඉහලට පැමිණ ඇති නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ලකුණු ප්‍රමාණය අඩු වී ඇති බවයි

ට්‍රාන්ස්පෙයරන්සි ඉන්ටනැෂනල් සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු ශාන් විජේතුංග –

‘මෙවර අපි පියවර දෙකක් ඉදිරියට ඇවිත් තිබෙනවා.නමුත් අපිට ලැබී තියෙන ලකුණු ප්‍රමාණය 38 සිට 37 දක්වා පහත වැටී තියෙනවා. අපව වඩා පහලින් සිටි ඉන්දියාව අප පසු කර ඉදිරියට ගොස් තිබෙනවා’

– දිනමිණ

Sammy

Previous story Next story

Leave a comment

t

o

p