CIA සංවිධානය X-Files ප‍්‍රසිද්ධ කරයි

January 29, 2016

පිටසක්වළ ජීවීන්ගේ පැවැත්ම විශ්වාස කරන පිරිස්වල මනදොළ සන්සිඳුවාලමින් පියාඹන පීරිසි පිළිබඳ තොරතුරු ඇතුළත් රහසිගත වාර්තා දහස් ගණනක් ප‍්‍රසිද්ධියට පත්කිරීමට ඇමරිකානු මධ්‍යම බුද්ධි කාර්යාංශය විසින් පියවර ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කළ CIA සංවිධානය පවසා ඇත්තේ මෙම වාර්තා පිටසක්වළ ජීවීන් සිටින බව තහවුරු කිරීම සඳහා ෆොක්ස් මෝල්ඩර්ට බෙහෙවින් ප‍්‍රයෝජනවත් වනු ඇති බවයි.

ප‍්‍රසිද්ධියට පත්කර ඇති සියලූ රහස්‍ය වාර්තා 1940-50 දශකවලට අයත්වන බව පැවසේ.

මෙම ලේඛන අතර වැදගත් වාර්තා කිහිපයක්ද ඇතුළත් වන අතර 1952දී නැගෙනහිර ජර්මනිය තුළ මීටර් 15ක පමණ විෂ්කම්භයකින් යුතු සුවිසල් පියාඹන පීරිසියක් දිස්වීම පිළිබඳ සිදුකළ පරීක්‍ෂණය ඒ අතර වේ.

පිටසක්වළ ලෝලීන්ගේ අවධානය දිනාගනු ඇති තවත් වාර්තාවක ස්පාඤ්ඤය හා උතුරු අප‍්‍රිකාවේද මේ හා සමාන පියාඹන පීරිසි දිස්වීම පිළීබඳව සඳහන්ව ඇත.

මෙවැනි පිටසක්වළ යානා සහ පිටසක්වළ ජීවීන්ගේ සිරුරු බවට සැලකෙන ඡයාරූප කිහිපයක්ද CIA වාර්තා අතර ඇතුළත් වේ.

එක් වාර්තාවක පිටසක්වළ යානාවල ඡයාරූප ගන්නා ආකාරය පැහැදිලි කර ඇති අතර ඒ අනුව එවැනි යානාවක් දකින පුද්ගලයා හැකිතරමක් එහි ඡයාරූප ගත යුතු අතර පොළොවද කැමරා කාචයට හසුකර ගත යුතු බව දක්වා තිබේ.

CIA සංවිධානයේ මෙම අනාවරණයන් එක්ස් ෆයිල්ස් නවතම කථා මාලාවේ ආරම්භය හා සමගාමීව සිදුකිරීම විශේෂත්වයකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p