ජනාධිපති කොමිසමට නොපැමිණි ශිරන්ති කල් ඉල්ලයි

January 25, 2016

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (25) බරපතළ වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නට නියමිත ව තිබුණ ද ඇය නොපැමිණි බව වාර්තා වේ.

ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥවරයා මාර්ගයෙන් ඇය වෙනත් දිනයක් ඉල්ලා ඇති බව එම කොමිසමේ ලේකම් ලැසිල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එසේ වුවද තාමත් ඇයට වෙනත් දිනයක් ලබා දී නොමැති බවත් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත ව ඇත්තේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකයෙකු බව කියන මිලින්ද රත්නායක යන පුද්ගලයාට නිවසක් ලබාදීම සම්බන්ධයෙන් බවත් වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p