පලස්තීන රාජ්‍යය පිළිගන්නා වතිකානු ගිවිසුම බලාත්මක වේ..

January 4, 2016

2015 ජුනි මසදී පලස්තීනය හා වතිකානුව අතර අත්සන් කරන ලද ඓතිහාසික එකගතාවය පූර්ණ ලෙස බලාත්මක කර ඇත.

මෙහි ඇති විශේෂත්වය වනුයේ අදාළ ගිවිසුම තුළ පලස්තීනය රාජ්‍යයක් ලෙස සලකා තිබීමයි.

2012 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය තුළදී පලස්තීනයට සාමාජික නොවන නිරීක්‍ෂක සාමාජිකත්වය පිරිනැමුණු අතර එය තවදුරටත් ශක්තිමත් කරමින් වතිකානුව විසින් පලස්තීනය සමාන සහකරුවකු ලෙස සලකා මෙම ගිවිසුමට එළඹ තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් වතිකානුව පවසා ඇත්තේ පලස්තීන රාජ්‍යය සමග ඇතිකරගත් එකගතාවයට අදාළ පූර්ව කරුණු සම්පූර්ණ වීම සමග එය පූර්ණ ලෙස බලාත්මක වී ඇති බවයි.

මෙම ගිවිසුම තුළ පලස්තීනය තුළ කතෝලික පල්ලිය සතු වරප‍්‍රසාද හා අයිතීන් ආරක්‍ෂා කිරීම පිළිබඳව අවධාරණය කෙරී ඇති අතර පලස්තීනය හා ඊශ‍්‍රායලය අතර අර්බුදයට රටවල් දෙකක විසඳුමක් අවශ්‍ය බව වතිකානුව පවසා තිබේ.

මෙය පලස්තීනයේ දේශපාලන ස්ථාවරය වඩාත් ශක්තිමත් කිරීමක් ලෙස සැලකේ.

2014 අපේ‍්‍රල් මසදී ජෙරුසලම ආසන්නයේ පිහිටි කතෝලික දේවස්ථානයකට යුදෙව් ජාතිකයින් විසින් හානි පමුණුවනු ලැබූ අතර පලස්තීන පාලන ප‍්‍රදේශ තුළ මෙවැනි සිදුවීම් වැළැක්වීම ගිවිසුමේ ප‍්‍රධාන අරමුණක් විය.

මේ අතර වතිකානු ගිවිසුම විසින් 1967දී ඊශ‍්‍රායලය දියත් කළ දින 6 යුද්ධයට පෙර පැවති පලස්තීන දේශසීමා පිළිගැනීමට ලක්ව තිබීමට ඉඩ ඇති බවද විචාරකයන් පවසා තිබේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p