මත්තල බේරාගත්තේ අපි ඇමතිකම් ගත් නිසා.. නැතිනම් විනාශයි..

January 6, 2016

මේ මස අවසන් වන්නට පෙර මත්තල ගුවන් තොටේ ගබඩා කර ඇති වී ඉවත් කිරීමට කටයුතු කරන බව ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ආණ්ඩුව විසින් මත්තල ගුවන් තොට වී ගබඩාවක් කිරීමට තිබූ සූදානම පරාජයට පත් කල බවත් මාර්තු මස පමණ ගුවන් යානා එන ගුවන් තොටුපළක් බවට පත් කරන බවත් ඔහු කියා සිටියේය.

‘මත්තල වී ගබඩාවක් කරනවා නම් ඇමති ධූරයෙන් ඉවත් වෙන බව මා ප‍්‍රකාශ කළා. අප ආණ්ඩුවට එක් වීම නිසා මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නතර නොකොට ක‍්‍රියාත්මක කරන්න හැකියාව ලැබුණා. අප ඇමති මණ්ඩලයට නොගියානම් ඒවා වෙනස් වෙන්න ඉඩ තිබුණා’ යයිද ඔහු කියා සිටියේ තංගල්ලේ පැවති ජන හමුවක් අමතමිනි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p