අද සිට සහනාධාරය අහෝසියි

January 1, 2016

2016 අයවැය යෝජනා අනුව පොහොර සහනාධාරය අහෝසි කර ඒ වෙනුවට ගොවීනට මුදල් ලබා දීමට තීරණය කර ඇති නිසා අද දිනයේ සිට පොහොර මිල තීරණය කිරීම සමාගම් වලට හැකියාව ලැබේ.

පසුගිය දස වසරක කාලය පුරාම වී ගොවීන්ට රුපියල් 500කටත්, තේ ගොවීන්ට රුපියල් 1300ටත් පොහොර හොන්ඩරයක් සහනාධාර ක‍්‍රමය යටතේ ලබා දුන්නේ ඉතිරි මුදල රජයෙන් දරනු ලැබූ නිසාය.

මේ තත්වය මත අද දිනයේ සිට මෙතක් රුපියල් 1200ට දුන් යූරියා මිටියක් රුපියල් 3000 දක්වාත්, මෙතෙක් 1200ට දුන් සුපර් පොස්පේට් මිටියක් 3450ක් දක්වාත්, මෙතෙක් 1200ට දුන් පොහොර මිටියක් 3400 දක්වාත් ඉහල යන බව වෙළඳපල ආරංචි මාර්ග පවසයි.

රජයේ පොහොර වවුචර් නව ක‍්‍රමය යටතේ හෙක්ටයාරයකට රුපියල් 25,000ක් වසරකට ලැබෙන අතර එය කන්නයකට 12,500කි. අක්කරයකට කන්නයකට රුපියල් 5000කි. එනම් පොහොර හොන්ඩර එකකුත් ටිකකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p