ගිනි තබාගන්න ගිය මන්ත්‍රීට වතු සේවකයින්ගෙන්ම විරෝධය

December 20, 2015

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා ගිනි තබාගැනීමට ගත් උත්සාහයට වතු කම්කරුවන්ගේ විරෝධය එල්ල වී තීබේ.

වතු කම්කරුවන් පෙන්වා දෙන්නේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා දේශපාලන ජනප්‍රියත්වය සඳහා මෙවැනි ප්‍රකාශ සිදුරකන බවයි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි නොකරන්නේ නම් සිරුරට ගිනි තබාගන්නා බව පවසමින් වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවට පෙට්‍රල් ලීටර් දෙකක්ද රැගෙන පැමිණියේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තු ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු සභා ගර්භයට පෙට්‍රල් රැගෙන යාමට අවස්ථාව ලබදි  නොමැත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p