ඇමරිකාව පුරා මුස්ලිම් විරෝධී ක‍්‍රියාවන් ඉහළ යයි

December 16, 2015

ප‍්‍රංශයේ හා කැලිෆෝනියාවේ පසුගියදා එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ගෙන් පසුව ඇමරිකාව තුළ මුස්ලිම්වරුන් හෝ ඉස්ලාම් දේවස්ථාන ඉලක්ක කරගත් සාහසික ක‍්‍රියාවන්හි වාර්තාගත වර්ධනයක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

පසුගිය ඉරිදා දිනයේදී කැලිෆෝනියාවේ හෝව්තෝර්න්හි ඉස්ලාම් දේවස්ථාන 2ක් තීන්ත භාවිතයෙන් අපවිත‍්‍ර කර ඇත.

කැලිෆෝනියා ප‍්‍රාන්තයේම චිනෝ හිල්ස් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ඉස්ලාමික කාන්තාවකට පිහියක් වනමින් තර්ජනය කර ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිරගත කර ඇතැයි පැවසේ.

ඇමරිකානු ඉස්ලාමික සබඳතා පිළිබඳ කවුන්සිලයේ සංඛ්‍යාලේඛන වලට අනුව 2015 වසරේදී පමණක් මුස්ලිම් විරෝධී සාපරාධී සිදුවීම් 63ක් වාර්තා වී ඇති අතර 2010දී වාර්තාවූ සිදුවීම් 53 මින් පෙර පැවති ඉහළම අගයයි.

කෙසේවෙතත සිදුවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියා පිළිබඳ පැමිණිලි කිරීම ඉතාමත් අඩු අගයක් ගන්නා බැවින් සැබැවින්ම තත්වය මීට වඩා භයානක වන බව විචාරක අදහසයි.

නොවැම්බර් මසදී පමණක් ඉස්ලාම් දේවස්ථාන වලට ප‍්‍රහාර එල්ලවූ සිදුවීම් 17ක් වාර්තාවී ඇත.  මෙම තත්වය පැරිසියට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය විශාල වශයෙන් හේතුවී ඇති අතර ඉන් පුද්ගලයන් 130ක් මියගොස් තවත් 368 දෙනෙකු තුවාල ලැබීය.

මේ වසර ආරම්භ වූයේද පැරිසියේ චාර්ලි හෙබ්ඩෝ පුවත්පතට එල්ලවූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙනි.  ඉස්ලාම් දේවස්ථාන ගණනාවක් ඇමරිකානු අභ්‍යන්තර ආරක්‍ෂක දෙපාර්තමේන්තුවෙන් ආරක්‍ෂාව ඉල්ලා ඇතැයිද වාර්තා වේ.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p