ඔබාමා, මර්කල්, එර්ඩෝගන් ලෝකයේ හොඳම බොරුකාරයන් වෙයි..

December 15, 2015

ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල්, ඇමරිකානු ජනාධිපති බරැක් ඔබාමා හා තුර්කි ජනාධිපති රෙසෙප් ටායිප් එර්ඩෝගන් වසරේ හොඳම බොරුකාරයන් ලෙසට නවතම ජාත්‍යන්තර සමීක්‍ෂණයක් විසින් හඳුනාගෙන ඇත.

ඇලෙස් ෂෝල් අන්ඞ් රෝච් නම් ජර්මානු වෙබ් අඩවියක් විසින් සිදුකර ඇති මෙම සමීක්‍ෂණයේදී ජර්මනිය තුළ හා තවත් රටවල් 40ක පමණ විහිද සිටින තම පාඨකයින්ගෙන් වසරේ හොඳම බොරුකාරයා ලෙස නම් කරන රාජ්‍ය නායකයා කව්දැයි විමසා තිබේ.

39%ක් පවසා ඇත්තේ වසරේ බොරුකාරිය වන්නේ ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් බවයි.

දෙවන ස්ථානය දිනාගත් බරැක් ඔබාමාට ඡන්ද 21%ක් හිමිව ඇති අතර එර්ඩෝගන් වසරේ බොරුකාරයා ලෙස නම් කළ ප‍්‍රමාණය 18%කි.  8%ක් හිමිකරගත් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ 7.8% ලැබූ යුක්රේන ජනපති පෙට්‍රෝ පොරෙෂෙන්කෝද ඉදිරියෙන් සිටිති.

කෙසේවෙතත් ඉරානයේ හසාන් රුහානි සහ සිරියානු ජනාධිපති බෂාර් අසාද් අවංක ප‍්‍රතිපත්ති සම්පාදකයින් ලෙස පාඨකයින් විසින් හඳුනාගෙන ඇති අතර ඔවුනට ලැබී ඇති ඡන්ද ප‍්‍රමාණය 0.03%ක් හා 0.1%කි.

ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා හොලන්ඬේ, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හා ග‍්‍රීක අගමැති ඇලෙක්සිස් ට්සිප්රාස්ද අවංක රාජ්‍ය නායකයින් කාණ්ඩයේ සිටින බව වාර්තා වේ.

ඇමරිකානු ටයිම්ස් සගරාව විසින් මර්කල් වසරේ පුද්ගලයා ලෙස නම් කළ සතියේදීම ඇය වසරේ බොරුකාරයා ලෙසද විරුදාවලි ලැබීම විශේෂත්වයකි.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p