අය වැය ගැටළු ගැන ජනපති සමගත් සාකච්ඡාවක්

December 15, 2015

මෙවර අයවැය යෝජනාවලට අදාළව රාජ්‍ය හා පෞද්ගලික අංශයට සම්බන්ධ වෘත්තිය සමිති ක්ෂේත්‍රය තුළ මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපතිවරයා අදාළ පාර්ශවයන්ට ආරාධනා කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

වෘත්තිය සමිති සිදු කර ඇති ඉල්ලීම් පිළිබඳ ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමුවී ඇති බවත්, එම ඉල්ලීම් පිළිබඳ සාධාරණ හා ප්‍රයෝගික විසදුම් පදනම් කර ගනිමින් කඩිනම් සාකච්ඡාවක් කැඳවිමටත්,  ජනාධිපතිවරයා අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේය.

ඉතාලි සංචාරයෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙරටට පැමිණීමෙන් අනතුරුව අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිතය.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p