ISIS ත‍්‍රස්තයින් නවීන අවි වලින් සන්නද්ධ වීමට වගකිව යුත්තේ ඇමරිකාවයි

December 12, 2015

ISIS සංවිධානය අවි වලින් සන්නද්ධ කරන ලද්දේද ඔවුන් විනාශ කිරීම සඳහා උත්සහ කරන රාජ්‍යයන් විසින් බව ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය පවසා ඇත.

එම ආයතනය විසින් එළිදැක්වූ වාර්තාවකට අනුව ISIS ත‍්‍රස්තවාදීන් සිය සාහසික ක‍්‍රියාවන් සඳහා භාවිතා කරන අවි වලින් වැඩිම ප‍්‍රමාණය ලැබී ඇත්තේ ඉරාක හමුදාවේ අවි ගබඩා අත්පත් කරගැනීමෙනි.

2014දී ඉරාකයේ දෙවන විශාලතම නගරය වන මොසුල් අල්ලා ගැනීමෙන් අනතුරුව ඇමරිකානු නිෂ්පාදිත අති නවීන අවි ආයුධ රැසක් ISIS වෙත හිමිවූ බව ඇම්නස්ටි වාර්තාවේ දැක්වේ.

එම සංවිධානයේ බි‍්‍රතාන්‍ය අවි වැඩසටහන් අධ්‍යක්‍ෂ ඔලිවර් ස්ප‍්‍රාග් පවසා ඇත්තේ බි‍්‍රතාන්‍යය වැනි රටවල් වත්මන් අවි ගණුදෙනු දෙස ආපසු හැරී බැලිය යුතුව ඇති බවයි.

ඉරාකයට මහා පරිමාණයෙන් අවි පොම්ප කිරීමේ රෙගුලාසි හා පසු විපරමේ තිබූ දුර්වල බව නිසා එයින් අනියම් ලෙස ත‍්‍රස්තවාදීන් සන්නද්ධවූ බව ඇම්නස්ටිහි අවි පාලන පර්යේෂකයකු වන පැටි‍්‍රක් විල්කන් පවසා තිබේ.

කෙසේවෙතත් 2011-2013 කාලසීමාව තුළ ඉරාක රජයට ඩොලර් බිලියන ගණනක අවි ලබාදුන් ඇමරිකාව ඉන් පාඩම් ඉගෙන නොගනිමින් 2014දී තවත් ඩොලර් මිලියන 500ක් වටිනා අවි තොගයක් ලබාදෙන ලදී.

මේ අතර මධ්‍යස්ථ සටන්කාමීන් පුහුණු කිරීමේ ඇමරිකානු වැඩසටහනද නිමාවූයේ පුහුණුව ලැබූ සටන්කාමීන්තම අත තිබූ ඇමරිකානු ගිනි අවි අල් නුස්රා වැනි සංවිධාන වලට ලබාදෙමින් බව ඇම්නස්ටි සංවිධානය පවසා ඇත.

Sammy

Previous story Next story

Leave a comment

t

o

p