ආබෲගේ පෙත්සම ගැන තීන්දුව 11දා

December 11, 2015

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ද ආබෲ මහතාට  එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අධි චෝදනා පත්‍රයට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීම සඳහා අවසර දෙන්නේ ද නැද්ද යන්න ජනවාරි මස 11 වනදා ප්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

සරත් ද ආබෲ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්  ඉදිරිපත් කරමින් කියා සිටියේ තමන්ට වාසිදායක සාක්ෂි වසන් කරමින් නීතිපතිවරයා තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් කර ඇති බවයි.

කෙසේ වෙතත් අදාළ පෙත්සම පිළිබඳ අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා එවැනි සාක්ෂි සටහන් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව කියා තිබේ.

සිය නිවසේ මෙහෙකාරියට පහරදී ලිංගික අතවර සිදු කළ බවට චෝදනා කරමින් සරත් ද ආබෲ විනිසුරුවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර ගොනු කර ඇත.

 

 

Sammy

Previous story Next story

Leave a comment

t

o

p